මෙම අවස්ථාවේ අදහස් දක්වමින් ආඥාපති කොමාන්ඩර් නන්දන උඩවත්ත මහතා ප්‍රකාශ කර සිටියේ මේ වන විට යාපන අර්ධද්වීපයේ අක්කර 19159.38 ප්‍රමාණයක් නිදහස් කර ජනතාවට ලබා දීමට ආරක්ෂක අංශ ක්‍රියා කර ඇති බවයි. මෙහි දී යාපනයේ අධි ආරක්ෂක කලාපයේ ඉඩම් අක්කර 6258 ක් සහ සාමාන්‍ය කලාපයේ ඉඩම් අක්කර 12901ක් ද වශයෙන් ජනතාවට ලබා දීමට කටයුතු කර ඇති බව ද සඳහන් කරන ලදී.
විශේෂයෙන්ම අධී ආරක්ෂිත කලාපයක් වන පලාලි හි පළමු පියවර යටතේ අක්කර 370.65 ක්ද, දෙවන පියවර යටතේ 1952.13ක් ද, හා ඉතිරි පියවරවල් යටතේ පිළිවෙළින් අක්කර 1971.9, 345.94, 617.76 ,1000 බැගින් නිදහස් කර දීමට කටයුතු කර ඇති බවද මෙහි දී වැඩිදුරටත් පැහැදිලි කරන ලදී.
බිම් බෝම්බ ඉවත් කිරිම පිළිබඳ අදහස් දැක්වු ආඥාපතිවරයා ප්‍රකාශ කර සිටියේ 99.44 % පමණ ප්‍රමාණයක් බිම් බෝම්බ ඉවත් කර ඇති බවය. ඉතිරි ප්‍රමාණය කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන බවයි. එහෙත් ප්‍රදේශයේ ජනතාව නිදහස් ඉඩම්වලට ගොස් නැවත පදිංචි වීමට දැඩි උනන්දුවක් නොදක්වන බවද මෙහි දී අනාවරණය වීය. කෙසේ වුවත් යාපනයේ ත්‍රස්තවාදය නැවත ඇති විමට ඉඩ නොතබන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා යාපනයේ කොට්ඨාශ හමුදා ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් සහභාගී වී සිටියහ.