20 වන සභාපතිවරයා ලෙස පත් වූ ජයසුන්දර බණ්ඩාර මහතා, දන්ත වෛද්‍ය ක්ෂේත‍්‍රය නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ විද්‍යායතනයේ සභාපතිවරයෙකු ලෙස පත් වූ ප‍්‍රථමයා ද වේ.
මෙහිදී නව සභාපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ශ‍්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ විද්‍යායතනයේ සාමාජිකයන් හඳුන්වා දෙන ලදී. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ හේමන්ත බෙනරගම සහ ජාතික ඖෂධ තත්ත්ව පාලන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.
NDH