මෙහිදී බස්නායක මහත්මිය විසින් එහි ප්‍රතිකාර ලබමින් සිටින රණ විරුවන්ගේ සුවදුක් විමසා ඔවුන් සමග සුහද සාකච්ඡාවක නිරත වූ අතර එම රණ විරුවනට, ඔවුන් රැක බලා ගන්නවුන්ට හා නිලධාරී මඩුල්ලට ද ත්‍යාගයන් පිරිනැමීය.
අනතුරුව සේවා වනිතා සභාපතිනිය විසින් මෙම රණ විරුවන් වෙත ලබා දෙනු ලබන විවිධ පහසුකම් හා සුභසාධන කටයුතු පිළිබඳ ව ද සොයා බලන ලදී.
මෙහිදී මිහිදු සෙත් මැදුරේ ප්‍රතිකාර ලබන රණ විරුවන් විසින් තම කලා කුසලතාවයන් එළි දක්වන ලද නැටුම්, ගැයුම් හා වැයුම් ඇතුලත් ප්‍රසංගයක් ද බස්නායක මහත්මිය ඇතුළු පිරිස විසින් නරඹන ලදී.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනිය වන ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු තවත් සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වුහ.
DB