නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ පසුගිය සිකුරාදා (08) උතුරු පකිස්තානයේ කඳුකර ප්‍රදේශයේ පකිස්තාන හමුදා හෙලිකොප්ටර්යක් අනපේක්ෂිත ලෙස කඩා වැටීමෙන්, පකිස්තානයේ පිලිපීන තානාපති, නෝර්වේ තානාපති සහ ඉන්දුනීසියා තානාපතිවරයාගේ හා මැලේසියා මහ කෙමසාරිස්වරයාගේ බිරින්දෑවරු ඇතුළු පිරිසක් ඛේදජනක ලෙස ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා රජය විපතට පත් මගීන්ගේ පවුලේ සාමාජිකයන් වෙත සිය හෘදයාංගම ශෝකය පළ කරන බවයි.
මෙම විපතින් ශෝකයට පත් ඔවුන්ගේ ශෝකය හා දුක බෙදා ගනිමින්, ශ්‍රී ලංකා රජය හා ජනතාව විශ්වාස කරනුයේ විපතින් දරාගත නොහැකි පාඩුවක් ලැබූවන්ට ධෛර්යයක් ලැබෙනු ඇති බවය. එසේම තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් එම ප්‍රකාශයේ තවදුරටත් සඳහන් කර ඇත.
SDF