ඒ ඒ රෙජිමේන්තුවලින් නිවෙස් අත්‍යවශ්‍ය විරු පවුල් පිළිබඳ තොරතුරු ලබාගෙන කෙරෙන මේ කටයුත්ත අදියරෙන් අදියර නිම කිරිමට පියවර ගැනේ.මියගිය විරු පවුල් 30ක් වෙනුවෙන් පළමු අදියරේ දී නිවාස තනවා දීමට සැලසුම් කර ඇත.
මේ අනුව සෙබළ පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන්ට පොත්පත් ලබා ගැනීම සඳහා පොලී රහිත රුපියල් දස දහසක ණය සහනාධාරයක් ලබාදීට ද කටයුතු කෙරේ.
යුද හමුදා විරුවන්ගේ හා එම පවුල්වල ජිවන තත්ත්වය නඟා සිටුවීමට කටයුතු කෙරෙන අතරම ඔවුන්ගේ මානසික මෙන් ම හැකියාවන්ගේ දියුණුව ද ඇති කිරීමට නව පියවර රැසක් ද යුද හමුදාපතිවරයා ක්‍රියාත්මක කර ඇත.