නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාල ජනයාට සහන‍ දෙන්න ත්‍රිවිධ හමුදාවම සූදානම් - ගුවන් හමුදාපති

    අප්‍රේල් 29, 2015
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව විසින් ම පසුගියදා නේපාලයේ ඇතිවූ භූමි කම්පාවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසිම සඳහා අවශ්‍ය උපරිම සහාය ලබාදෙන බවත් අතිගරු ජනාධිපතිතුමා විසින් ගුවන් හමුදාවට ලබාදුන් උපදෙස් පරිදි ගුවන් හමුදාවේ ගුවන් යානයක් එරට ජනතාවට අවශ්‍ය ආහාරපාන, බෙහෙත් ද්‍රව්‍ය සහ සහන සේවා කටයුතු සඳහා අවශ්‍ය හමුදා භට පිරිස් ද රැගෙන පසුගියදා නේපාලය බලා පිටත් කර හැරි බවත් ගුවන් හමුදාපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා පැවසීය.
     
    ගුවන් හමුදාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (28) නේපාලයේ අවතැන් වූ 42 ගෙන් සමන්විත ගුවන් හමුදා යානයක් කටුනායක ගුවන් හමුදා ගුවන් පථය වෙත පැමිණි අවස්ථාවේදීය. නේපාලයේ කත්මන්ඩු ප්‍රදේශයේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේ යානය එරටට ගොඩබස්සවා අපේ අවතැන් පිරිස් ‍රැගෙන ඒමේ කටයුතු ආරම්භ කළ බව පැවසූ කෝලිත ගුණතිලක මහතා මෙසේ පැමිණීමට සූදානම්ව සිටියදී යානය නවතා තිබියදී ඇති වූ භූකම්පන සිද්ධියත් සමඟ ඇතිවූ කාර්මික දෝෂය නිසා යානය දවසක් ප්‍රමාද කිරීමට සිදුවුණ බවත් පවසා සිටි අතර එකි දෝෂය සමනය කිරිම සඳහා අවශ්‍ය කොටස් කෙසේ හෝ ලබාගෙන යළි අලුත්වැඩියා කරගෙන මේ අයගේ ජීවිත ද රැකගෙන මෙරටට පැමිණීමට හැකිවීම ගුවන් හමුදා සාමාජිකයන්ගේ කැපවීමේ ප්‍රථිපලයක් බවත් මෙහිදී අවධාරණය කර සිටියේය.
     
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙවැනි අත්දැකීමකට මුහුණදුන් ප්‍රථම අවස්ථාව මෙය බව පැවසූ ගුවන් හමුදාපතිවරයා මෙරට සුනාමිය ඇතුළු විවිධ ආපදා අවස්ථාවලට මුහුණදී සිටියත් ගුවන් හමුදාව මෙතරම් දරුණු තත්ත්වයක් තිබූ රටක මෙවැනි කාර්යයකට මින් පෙර සහභාගි වී තිබුණේ නැති බවත් එහෙත් අපේ හමුදාවන් ලබා තිබූ පුහුණුව අත්දැකීම සහ ඔවුන්ගේ චිත්ත ධෛර්ය නිසා මෙහි පළමු ගමන සාර්ථකව නිමකිරීමට හැකිවූ බවත් අවධාරණය කර සිටි අතර ඉදිරියේ දී තවත් ගුවන් ගමන් ගණනාවක්ම මේ ආකාරයෙන් ම සිදුවෙන බව ද පවසා සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya