නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාලයට ආධාර හෙට දක්වා ලබා දිය හැක Featured

    අප්‍රේල් 29, 2015
    භූ කම්පනක් හේතුවෙන් ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ව්‍යසනයකට මුහුණ දී සිටින නේපාල වැසියන් වෙනුවෙන් ලබා දෙන ජනතා ආධාර හෙට (30)  පස්වරුව වන තෙක් එම පරිත්‍යාග දිස්ත්‍රික් කාර්යාලවලට භාර ගැනීමට ද කටයුතු සම්පාදනය කර තිබෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
     
    සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා මහජන ආධාර ඒකරාශී කිරීමේ වැඩපිළිවෙළ මේ ආරම්භ කර තිබෙන අතර එම ආධාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයන් හි පිහිටා ඇති දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක වෙත සිය පරිත්‍යාග ගෙනැවිත් භාර දෙන ලෙස අමාත්‍යංශ ලේකම් එස්.ඩී.ඒ.බී.බොරලැස්ස මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
     
    ශ්‍රී ලංකා රජය මගින් ආධාර සහ සහන කණ්ඩායම් නේපාලය වෙත පිටත් කර තිබෙන අතර කෙසේ වෙතත් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ උපකරණ සපයා ගැනීම සඳහා තවදුරටත් සහය වන ලෙස නේපාල රජය, ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ. 
     
    නේපාල රජය දන්වා ඇති හදිසි අවශ්‍යතා ලැයිස්තුව පහත පරිදි වෙයි. 
    1.කුඩා, මධ්‍ය හා විශාල පරිමාණයේ කූඩාරම්. 
    2.මෙට්‍රස්  
    3.පොරෝන                                      
    4. ජල පිරිපහදු උපකරණ 
    5. සනීපාරක්ෂක ද්‍රව්‍ය 
    6. සහන කඳවුරුවාසීන්ට අවශ්‍ය වෙනත් ද්‍රව්‍ය
     
    ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩපිළිවෙළ ඊයේ (28) ආරම්භ කෙරිණ.  
     
    මෙරට විවිධ පරිත්‍යාගශීලීන් නිරන්තරයෙන් විමසීම් සිදු කරන අතර, අග්‍රාමාත්‍ය කාර්යාලයේ උපදෙස් මත එම කටයුතු සම්බන්ධීකරණය කිරීම මෙමගින් සිදු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. 
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya