රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
තමා රේගුවෙන් තඹ කන්ටේනරයක් නිදහස් කිරීමේ නියෝගයක් ලබා දී ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් කිරීම තමාටත් තම පවුලටත් අපකිර්තියක් වූ බවත් තමා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීමට පෙර භාර ගත් නඩුවලට පමණක් තමාට නිතිඥවරයෙකු ලෙස පෙනී සිටීමට සිදු වී තිබෙන බවත් සේරසිංහ මහතා පෙන්වා දුන්නේය.
තම සේවා දායකයාගෙන් මෙම නඩුව අස්කර ගැනීම සඳහා බලපෑම් කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා තමා පෙනී සිටි එම නඩුවෙන් තමන් ඉවත් කිරීමට උත්සාහ ගත් බව ද සඳහන් කළේය.
මේ වන විට තමා එක් නඩුවකට පමණක් පෙනී සිටින අතර අමාත්‍ය ධූරයේ කටයුතු කරන කාලය තුළ මින් ඉදිරියට කිසිදු නඩුවක් භාර නොගැනීමට තීරණය කර තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
kpm