නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට Featured

    අප්‍රේල් 28, 2015

    ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා එළඹෙන සෙනසුරාදා (මැයි 02) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

    ජෝන් කෙරී මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ ද සාකච්ඡා පවත්වනු ඇත.

     

    ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා කැළණි පන්සලට ගොස් ආගමික වතාවත්වල නිරත වීමට ද සැලසුම් කර ඇත. ජාත්‍යන්තර සබඳතා හා ක්‍රමෝපායික අධ්‍යයනය පිළිබඳ ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ ආයතනයේ දී කෙරී මහතා විසින් දේශනයක් ද පවත්වනු ලැබේ.

     

    රාජ්‍ය ලේකම්වරයා මැයි 03වන ඉරිදා දහවල් දිවයිනෙන් පිටව යාමට නියමිතය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya