අග්‍රාමාත්‍යතුමාගේ ලෝක සෞඛ්‍ය දින පණිවුඩය:
“යම් රටක ආහාර සුරක්ෂිතතාව එම රටේ ජාතික ආරක්ෂාව තරමටම වැදගත් කාරණාවකි. අනාරක්ෂිත ආහාර නිසා ලොව පුරා වසරකට මිලියන දෙකක ජනතාවක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එමඟින් නිරෝගී දිවිපෙවෙතට එරෙහිව ඇති වන අතුරු ආබාධ ගිණිය නොහැකි තරම් ය.
මෙහි කාලීන වැදගත්කම තහවුරු කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, 2015 වසරේ ලෝක සෞඛ්‍ය දින තේමාව ලෙස ‘ගොවිපළේ සිට බඳුන දක්වාම ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම’ හඳුන්වා දී ඇත.
ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ලෝක අවධානය යොමු වන මෙම වසරේදීම, ලංකාවේ පළමු වතාවට ඒ වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් ඇති කර ලාංකේය ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කරන්නට හැකි වීම වත්මන් රජය ලද ජයග්‍රහණයකි.
ආහාර යනු ජීවිතයම බව අවබෝධ කොටගෙන, වගා බිමේ සිට කුස පුරවාගන්නා ආහාර වේල දක්වාම පෝෂ්‍යදායී බවත්, සෞඛ්‍යාරක්ෂිත බවත් තහවුරු කරගන්නට සමස්ත ලක්වැසි ජනතාවට හැකි වේවා යි ප්‍රාර්ථනය කරමින්, ලෝක සෞඛ්‍ය දිනයට සුබ පැතුම් එක් කරමි.“
SDF