මෙම හමුවේ දී සු මහතා හා අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමග සහයෝගිතාව ශක්තිමත් කිරීම හා පෙරට යාම සඳහා පවත්නා අවස්ථාවන් පිළිබඳව සාකච්ඡා කළේ ය.
හවුලියැං සු මහතා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ආසියා පැසිපික් කලාපීය සහකාර පරිපාලක සහ අධ්යක්ෂ, හා එක්සත් ජාතීන්ගේ ආසියා සංවර්ධන ප්‍රධානි යන තනතුරු ද හොබවයි.
හවුලියැං සු මහතාගේ දෙවන ශ්‍රී ලංකා සංචාරය මෙය වන අතර මෙහිදී ඔහු උතුරු හා උතුරු මැද පළාත්වල සංචාරය කරමින් රජයේ නිලධාරීන් හමුවීමට ද නියමිතය. තවද UNDP සහනාධාරයෙන් මෙම පළාත්වල ක්‍රියාත්මක තෙරෙන ජීවන තත්වය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති බැහැදැකීමට ද ඒ මහතා සැලසුම් කර ඇත.
පසුගිය සෙනසුරාදා (04) දිවයිනට පැමිණි සු මහතා එළඹෙන සිකුරාදා (10) තෙක් රැඳී සිටිනු ඇත.
SDF