රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"මෙත් සිතින් ගුණ වඩමු" යන්න මෙවර වෙසක් දින තේමාව වන අතර මැයි 03 සහ 04 දෙදින ප්‍රධාන වෙසක් සැමරුම් වැඩසටහන් දිවයින පුරා පැවැත් වේ.
මීට අමතරව අප්‍රේල් 30 වැනි සිට මැයි 6 දක්වා වෙසක් සතියක් ක්‍රියාත්මක වන අතර මැයි 15 වැනිදා වෙසක් චිත්‍රපට උළෙලක් ද පැවත් වේ.
වෙසක් දිනය යෙදී තිබෙන දින මැයි 03 වැනිදි මහියංගන රජමහා විහාරස්ථ පරිශ්‍රයේ 12,000 අධික දහම් පාසල් ළමුන් හා සැදැහැවතුන් පිරිසක් සිල් සමාදන් කරවීමේ වැඩසටහනට සමගාමීව දවස පුරා ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.
මෙවර වෙසක් ජාතික දින උත්සවය ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සංවිධානය කිරීමේ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව කමිටුවක් පත් කර තිබේ.
වෙසක් සැමරුම වෙනුවෙන් ආගමික පරිසරයයෙන් බැහැරව කටයුතු කරන්නන් වෙනුවෙන් කටයුතු කිරීමට පොලීසියට උපදෙස් ලබා දී තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
kpm