දැනට පුරප්පාඩු වී ඇති සහ 2015.12.31 දිනට පුරප්පාඩු වීමට නියමිත ජාතික පාසල් 106ක් සඳහා විදුහල්පතිවරුන් තෝරා ගැනීමට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I,II,III,පන්තියේ නිලධාරීන්ගෙන් සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරීන් අතුරෙන් සුදුසු විදුහල්පතිවරුන් තෝරා ගැනීම සඳහා අදාළ පුවත්පත් නිවේදනය අද (01) දිනමිණ හා තිරනකරන් පුවත්පත් මඟින් ප්‍රකාශයට පත් වේ.
අදාළ අයදුම්පත් 2015.04.30 වැනි දින දක්වා භාර ගැනේ.
මේ යටතේ බස්නාහිර පළාතේ පාසල් 09ක්, මධ්‍ය 15, දකුණු 23, උතුරු 16ක්, නැගෙනහිර 10ක්, වයඹ 11ක් ඌව 12ක් සහ සබරගමුව 10ක් වශයෙන් පුරප්පාඩු පවතින පාසල් සඳහා මෙම බඳවා ගැනීම් සිදු කෙරේ.
kpm