මෙම වැඩසටහන සඳහා බස්නාහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවය කරන 400 කට අධික භට පිරිසක් යොදවා ඇත.
මේ විශේෂ වැඩසටහන බස්නාහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් යූ. ඒ. බී. මැදවෙල මහතාගේ අධීක්ෂණය යටතේ මාර්තු 26 දින අද (01) දින දක්වා ක්‍රියාත්මක කරනු ලබන අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය විසින් සම්බන්ධීකරණය කරනු ලබයි.
මෙයට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවන්හි භට පිරිස් ද ගම්පහ, කළුතර හා ගාල්ල යන දිස්ත්‍රික්කයන්හි සිදු කරනු ලබන මෙම ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා සිය නොමසුරු දායකත්වය යුද හමුදාව වෙත ලබා දී ඇත.
ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් හා වේගයෙන් පැතිර යන බවට දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් හදුනාගෙන ඇති ප්‍රදේශවල එය පාලනය කිරීම හා මර්ධනය කිරීම සඳහා යුද හමුදාව විසින් සිදු කරනු ලබන මෙම දායකත්වය මහඟු උපකාරයක් වනු ඇත.
DB