අපනයන ඉලක්ක කරගත් විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ පුහුණු වැඩසටහනක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
විසිතුරු මත්ස්‍ය වගාවේ නිරත ගම්පහ දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයන් ඉලක්ක කොට ගෙන පැවති මෙම වැඩසටහන සඳහා 60 දෙනෙකුට වැඩි පිරිසක් එක්ව සිටියහ.
ජාතික ආර්ථිකයට ඵලදායී ව්‍යවසායකයන් බිහිකිරීම මූලික අරමුණ කොට ගනිමින් අපනයන වෙළෙඳපොළ දක්වා ගෙන යාමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ මත්ස්‍ය වගාවට අවශ්‍ය න්‍යායාත්මක දැනුම ද මෙහි දී පුහුණුලාභීන්ට සපයනු ලැබීය.
මේ සඳහා සම්පත් දායකත්වය ප්‍රවීණ විසිතුරු මත්ස්‍ය උපදේශක උදයකාන්ත වික්‍රමසිංහ මහතා විසින් ලබාදි ඇත.
මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජලජීවී වගා ව්‍යාප්ති කාර්යාලයත් එක් ව මෙම වැඩසටහන සම්බන්ධීකරණය කර තිබේ.
ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය ඒ්කකය