අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුඹුරු ඉඩම් සඳහා රජයේ සහනාධාර පොහොර නිකුත් කිරීම - රත්නපුර

    ජනවාරි 23, 2021

    කුඹුරු ඉඩම් සඳහා රජයේ සහනාධාර පොහොර නිකුත් කිරීමේ වැඩසටහන යටතේ 2020.12.30 දිනට රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොර ලබාදීමේ ප්‍රගතිය පිළිබඳ රත්නපුර
    දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් ඩබ්.ජී.සී.බී. කුමාරි මහත්මිය පසුගිය දා (19 දා) පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී පැහැදිලි කිරීමක් සිදු කළාය.


    රත්නපුර දිස්ත්‍රික් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීමේ කමිටු රැස්වීම සහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම 2021.01.19 දින, රත්නපුර දිස්ත්‍රික් ලේකම්/ දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
    ඒ අනුව “ 2020 යල කන්නයේ, රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුඹුරු වගා කර ඇති ගොවීන් 31989 දෙනෙකු සඳහා කුඹුරු අක්කර 31598.31 ට පොහොර නිකුත් කර තිබෙනවා. එහිදී යූරියා මෙ.ටො. 1984.81 ක් ද, ටී.එස්.පී. මෙ.ටො. 287.76 ක් ද, එම්.ඕ.පී. මෙ.ටො.883.63 ක් ද ලෙස එකතුව පොහොර මෙ.ටො. 3156.2 ක් නිකුත් කර ඇත.
    එමෙන්ම 2020/2021 මහ කන්නය සඳහා (2020.12.30 දිනට) දිස්ත්‍රික්කයේ ගොවීන් 32091 ක් සඳහා කුඹුරු අක්කර 32051 ට, යූරියා මෙ.ටො. 1901.09 ක්ද, ටී.එස්.පී. 292.54 ක්ද, එම්.ඕ.පී. 940.15 ක්ද ලෙස නිකුත් කර ඇත. එකතුව පොහොර මෙ.ටො. 3133.78 කි.
    ඒ අනුව 2020 වර්ෂය තුළ නිකුත් කර ඇති මුළු පොහොර ප්‍රමාණය මෙසේය. යූරියා මෙ.ටො. 3885.9 කි, ටී.එස්.පී. 580.3 කි, එම්.ඕ.පී. මෙ.ටො. 1823.78 කි. එමෙන්ම 2020 වර්ෂයේ පුරන් කුඹුරු අස්වැද්දීමේ ප්‍රගතිය පිළිබඳවද කරුණු පැහැදිලි කළ නියෝජ්‍ය කොමසාරිස් කුමාරි මහත්මිය මෙසේ පැවසුවාය. 2020 යල කන්නයේ පුරන් කුඹුරු අක්කර 3300 ක්ද, 2020/2021 මහකන්නයේ පුරන් කුඹුරු අක්කර 1201 ක්ද අස්වද්දා ඇත. එමෙන්ම 2021 යල කන්නයේද පුරන් කුඹුරු අක්කර 1500 ක් අස්වැද්දීමට ඉලක්ක කර ඇති බවද කුමාරි මහත්මිය පැවසුවාය.
    එමෙන්ම සෞභාග්‍යා ගෙවතු සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ දිස්ත්‍රික්කය තුළ (2020.12.31 දිනට) බීජ කට්ටල 84,154 ක් නිකුත් කර ඇති බවද වැඩිදුරටත් පැවසුවාය.
    මෙම අවස්ථාවට රත්නපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී.ඩී.එල්. උදය කුමාරි මෙනවිය ඇතුළු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් මහත්ම මහත්මීහු, දිස්ත්‍රික්කයේ බොහෝ රාජ්‍ය ආයතන ප්‍රධානීහු සහභාගී වූහ.

     

     DMU/Rathnapura 

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya