අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ මීලදී ගැනීමට මිලියන 20 ක්

    මාර්තු 05, 2020

    2020 මහ කන්නයේ මාතලේ දිස්ත්‍රික්යේ වී මිලදී ගැනීම සදහා රජය රුපියල් මිලියන 20 ක් වෙන්කොට දී ඇති අතර ඒ අනුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම සදහා වී අලෙවි මණ්ඩලයට අමතර කුඩා හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් 10 දෙනෙකු පමණ තෝරාගෙන ඇති බවත් දිස්ත්‍රික් කෘෂි කර්ම අධ්‍යක්ෂ අජිතා මානික්‍රම මහත්මිය පැවසූවාය.

    දිස්ත්‍රික් ලේකම් කරුණාසිරි පෙරේරා මහතාගේ උපදෙස් පරිදි තෝරාගත් කුඩා හා මධ්‍යම පරිමාණ වීමෝල් හිමියන් දැනුවත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කොට ඇති බවත් සෑම වී වර්ගයක්ම කිලෝවක් රුපියල් 50 බැගින් වන සහතික මිලකට මිලදී ගැනීමට නියමිත අතර කුඩා හා මධ්‍යම පරිමානයේ වී මෝල් හිමියන්ට අමතර වී අලෙවි මණ්ඩලයේ ගබඩා මගින් ද වී මිලදී ගැනීමට නියමිතය.

    ඒ සදහා දඹුල්ල විල්ගමුව සහ ගලේවෙල කොට්ඨාස වල වී අලෙවි මණ්ඩයේ මධ්‍යස්ථාන ස්ථාපිත කොට ඇත. වී මිලදී ගැනීමේ දී පොහොර බෙදා දීමේ නාමලේඛනය පදනම් කරගෙන සත්‍ය ගොවීන්ගෙන් පමණක් මිලදී ගැනීම් සිදු කෙරෙන අතර මිලදී ගැනීම් විමර්ශනය කිරීම සදහා මධ්‍යස්ථාන වෙත රජයේ නිලධාරීන් යොමු කරන බව ද ඇය පැවසූවාය.

    වී මිලදී ගැනීමේ දී වී වල තෙතමනය 14% ක් ද බොල්වී ප්‍රතිශතය 9% ක් වන ලෙස ප්‍රමිතිය පවත්වා ගත යුතු අතර කුඹුරැ අක්කරයක් හිමි ගොවියෙකුගන් කිලෝ 1000 ක් ද අක්කර 1 සිට 3 දක්වා, වී කිලෝ 3000 ක් , අක්කර 3 සිට 5 දක්වා වී කිලෝ 5000 ක් බැගින් ද මිලදී ගැනීමට නියමිතය.

    මෙවර දිස්ත්‍රික්කයෙන් වී මෙට්ට්‍රික් ටොන් 64.000 ක පමණ අස්වැන්නක් අපේක්ෂා කරන බව ද ඒ මහත්මිය පැවසූවාය.

    DMU/Matale

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya