අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ කන්නයේ වී අස්වනු මිළ දී ගැනීම සාර්ථකව ඉදිරියට

    පෙබරවාරි 22, 2020

    පෙරොන්දු වූ පරිදි නිසි ප්‍රමිතියෙන් යුක්ත වී කිලෝවක් රු . 50 ක මිළකට මිළ දී ගන්නා බවත්, වී වර්ග අනුව එම මිළෙහි වෙනසක් නොවන බවත් වී අළෙවි මණ්ඩළයේ ප්‍රාදේශීය කළමණාකාර ටී. එම්. එන්. තෙන්නකෝන් මහතා පැවසීය.

    ඒ් මහතා මේ අදහස් පළ කලේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පසුගිය දා පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව අමතමිනි.


    දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 තුළ ගබඩා 27 ක් පමණ මේ වන විටත් වී මිළ දී ගැනීම සඳහා විවෘත කර ඇති බවත්, එයින් මධ්‍යස්ථාන 14 ක දී වී මෙට්‍රික් ටොන් 162 ක් දැනට මිළ දී ගෙන ඇති බවත් ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
    තෙතමනය 9% - 14% අතර පවතින, බොල් ප්‍රතිශතය 9% ක් වන හා අපද්‍රව්‍ය 1%ක් මෙන්ම වර්ග මිශ්‍රණය 6% ක් වන වී නිසි ප්‍රමිතියෙන් යුක්ත වී ලෙස සළකනු ලබයි.


    වී මිළ දී ගැනීම සිදුවන්නේ ගොවියා වගා කර ඇති භූමි ප්‍රමාණය අනුවයි. අක්කර භාගයක් නම් කිලෝ 500ක් ද, අක්කර 1 – 5 දක්වා පිළිවෙළින් කිලෝ දහසේ සිට කිලෝ පන්දහස දක්වා මිළ දී ගැනීම සිදු වන අතර අක්කර පහට වැඩි වුව ද එක් ගොවියෙකුගෙන් කිලෝ 5000 ට වඩා මිළ දී ගැනීමක් සිදු නොවේ.


    ජනවාරි මස යහපත් මට්ටමක පැවති වී මිළ පෙබරවාරි මුල් සතියේ පහත වැටුණු නමුත් දැන් එය නැවතත් යථා තත්වයට පත්වෙමින් පවතින බව ද, එයට හේතුව රජය වී මිළ දී ගැනීම සඳහා සාර්ථකව මැදිහත් වීම බව ද ප්‍රාදේශීය කළමණාකාරවරයා පැවසීය. මාර්තු මුල් සති දෙක ඇතුලත විශාල වී අස්වැන්නක් දිස්ත්‍රික්කය තුළින් බළාපොරොත්තු වන බවත්, අස්වැන්න මිළ දී ගැනීමේ දී යම් අපසුතාවයක් ඇති වුවහොත් ඒ් සඳහා ජංගම මිළ දී ගැනීමේ
    මධ්‍යස්ථාන ඇරඹීමට කටයුතු සැළසුම් කර ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්. එම්. වන්නිනායක මහතා පැවසීය.


    ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 22 තුළ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් 30 දෙනෙකු පමණ දැනට වී මිළ දී ගැනීම සඳහා ලියාපදිංචි කර ඇති බවත්, ඔවුන් 14% - 22% ත් අතර තෙතමනය සහිත වී කිලෝවක් රු. 44 ක ට මිළ දී ගන්නා බවත්, එම මෝල් හිමියන්ගේ නාම ලේඛනයක් ග්‍රාම සේවා මට්ටමින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා කීය.


    ඔවුන්ට මුදල් ගෙවන්නේ ද රජය මඟිනි. ලංකා බැංකුව හා මහජ බැංකුව මඟින් එම ගෙවීම් සිදු කෙරේ. පොහොර නාම ලේඛනය මඟින් ගොවීන්ගේ නම් සහතික කිරීම සිදු කෙරේ.
    ගොවීන්ට ගබඩාවලට වී රැගෙන ඒ්මට නියමිත දිනය හා වේළාව දැනුම්දෙන බව ද ප්‍රාදේශීය කළමණාකාරවරයා සඳහන් කළේය. සමූපකාර සමිති සතුව වියළීම් යන්ත්‍ර නොමැති නිසා නිසි ප්‍රමිතියෙන් යුක්ත වී පමණක් මිළ දී ගන්නා බවත් දිසාපතිවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya