අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දහම් පාසල් අධ්‍යාපනය දියුණු කිරීමට දියහැකි සෑම සහායක්ම ලබා දෙනවා- රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ

    ජනවාරි 23, 2020

    හම්බන්තොට දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීම පසුගිය දා මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේදී පැවැත්විණි. සභාපති පූජ්‍ය උයන්වත්තේ සද්ධාරාම අනු නාහිමියන්ගේ සහ   ලේඛකාධිකාරී පූජ්‍ය ගලපිටගල පේමරතන නාහිමියන්ගේද මූලිකත්වයෙන් පැවති මෙම රැස්වීම සදහා දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩලවල ලේකම් හා සභාපති ස්වාමීන් වහන්සේලා වැඩම කළහ.

    2020 ක්‍රියාකාරී සැලසුම සකස්කර ගැනීම,දහම් පාසල් ගැටළු සාකච්ඡා කිරීම,විහාරස්ථාන වල පවතින ගැටළු සාකච්ඡා කිරීම ඇතුළුව කරුණු රාශියක් මෙහිදී සාකච්ඡා කෙරිණි.

    මෙම අවස්ථාව සදහා මහා සංඝරත්නයේ ආරාධනයෙන් මහවැලි හා වාරිමාර්ග කෘෂිකර්ම හා ග්‍රාමීය සංවර්ධන අභ්‍යන්තර වෙළද ආහාර සුරක්ෂිතතාවය හා පරිභෝගික සුභ සාධක ආමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද සහභාගි විය.

     

    ඉරිදා දිනයේදී දහම් පාසල් පවත්වාගෙන යෑම සදහා පුද්ගලික පන්ති පැවැත්වීම ගැටළුවක් වී ඇතිබවත් 5 ශ්‍රේණිය,11 ශ්‍රේණිය තුළ ළමයින් නොමැති බවත් එයට පුද්ගලික පන්ති පැවැත්වීම හේතුවී ඇති බවත් පෙන්වාදුන් අතර ඇතැම් අවස්ථාවලදී දහම් පාසලට පැමිණ පැයකින් දෙකකින් යන බවත් පෙන්වා දුණි.මෙයට ලංකාවටම බල පැවැත්වෙන පරිදි පිවරක් ගන්නා ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

     

    දහම් පාසල් තරග හා විභාග පැවැත්වෙන දිනවලදී රජයේ විභාග හා වෙනත් වැඩසටහන් පැවැත්වෙන බැවින් දහම් පාසල් විභාග හා තරග සදහා ළමයින් සහභාගිවීම දුර්වල බවත් ඒ සදහා යම් පිලියමක් යොදන ලෙසත් දහම් පාසල් විභාග සමත්වන අයට හා දහම් පාසල් පැමිණෙන දරුදැරියන් දිරි ගැන්වීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී ඉල්ලීමි කෙරිණි.

    ඒ අනුව චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ, දහම් පාසල් අධ්‍යාපනය දියුණු කිරීම සදහා තමාගේ මට්ටමින් ලබා දියහැකි සෑම සහායක්ම ලබා දෙන බවත් මෙහිදී ඉදිරිපත්වූ ගැටළු ගරු අගමැතිතුමාත් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමාත් සමග සාකච්ඡා කිරීමට කටයුතු යොදන බවත්ය. මෙම අවස්ථාව සදහා හම්බන්තොට වැඩබලන දිස්ත්‍රික් ලේකම් සී.ඒ.සුනෙත් ලෝචන,සහකාර දිස්ත්‍රික් ලේකම් ශශිනි වසන්තා ජයනෙත්ති,දිස්ත්‍රික්කයේ බෞද්ධ කටයුතු සමායෝජකවරු ඇතුළු පිරිසක් එක්විය.

     DMU/Hambanthota

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya