අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''වැවිලි ප්‍රජා සංනිවේදන පහසුකම් සපයන්නා සේවයේ'' යෙදි සිටින නිලධාරි සේවාව විධිමත් කරනවා- ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම්

    ජනවාරි 21, 2020

    රාජ්‍ය ආයතන වෙත පැමිණෙන මහ ජනතාවගේ සේවය පහසු කරමින්, ඔවුන්ගේ භාෂා භාවිතයේ දී පැන නගින ගැටළු සඳහා විධිමත් ලෙසින් දායක වීම සඳහා අවශ්‍ය පසුබිම තම අමාත්‍යංශය යටතේ සේවය කරන වැවිලි ප්‍රජා සංනිවේදන පහසුකම් සපයන්නා සේවයේ යෙදී සිටින නිලධාරින් වෙත සකසන බව ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් ඩි.පි.ජි. කුමාරසිරි මහතා පැවසීය.

    ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේ පැවැති වැවිලි ප්‍රජා සංනිවේදන පහසුකම් සපයන්නා සේවයේ යෙදි සිටින නිලධාරින් දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යංශ ලේකම් වරයා මෙම අදහස් පැවසීය.

    දිවයිනේ වැවිලි ප්‍රජාව ජිවත්වන දිස්ත්‍රික්ක වන නුවරඑළිය, මහානුවර, මාතලේ, බදුල්ල, රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර ඇතුළු දිස්ත්‍රික්ක වල රාජ්‍ය කාර්යාලවල මෙම නිලධාරින් පත්කර ඇත. කාර්යාලවලට පැමිණෙන ජනතාවගේ භාෂා බාවිතයෙදි ඇති දුෂ්කරතාවයන් මගහැරවීම සඳහා කටයුතු කිරීම මෙම නිලධාරින්ගේ ප්‍රධාන රජකාරිය ක් බවත්, ඊට අමතරව අනෙකුත් රාජ්‍ය සේවා කටයුතු වලට සහය විය හැකි බවත් අමාත්‍යංශ ලේකම් වරයා තවදුරටත් පැවසීය.

    මෙම නිලධාරින්ගෙ සේවය විධිමත් කිරීම සඳහා ඉදිරි සති කිහිපය අවශය කටයුතු කිරීමට ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා බලාපොරොත්තු වන බව ද අමාත්‍යංශ ලේකම් ඩි.පි.ජි. කුමාරසිරි මහතා පැවසීය.

    මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බි.ආර්. පුෂ්පකුමාර මහතා ඇතුළු විශාල පිරිසක් එක්වසිටිහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya