අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික්කයේ සමථ මූල මණ්ඩල සභාපතිවරු හා උපසභාපතිවරු දැනුවත් කෙරේ

    දෙසැම්බර් 28, 2019

    2020 වරෂයේ මාතර දිස්ත්‍රික්කයේ සමථ මූල මණ්ඩල 16 හි ම ක්‍රියාකාරිත්වය 2019 වර්ෂයේ සේම විධිමත් ව පවත්වාගෙන යාම සඳහා දිස්ත්‍රික්කයේ සෑම සමථ මූල මණ්ඩලයක් ම ලේඛන පවත්වාගෙන යාමේ සිට සියලු කටයුතු ඒකමිතියකින් යුක්තව සිදු කළ යුතු බව මාතර දිස්ත්‍රික් සමථ පුහුණු නිලධාරී රංජනී ඩයස් මහත්මිය පැවැසුවා ය.

    ඇය මේ අදහස් පලකළේ (25) දින පැවති මාතර දිස්ත්‍රික්කයේ සමථ මූල මණ්ඩල සභාපති හා උපසභාපතිවරුන්ගේ සංගමයේ 2019 වසරේ අවසන් රැස්වීම සඳහා සංගමයේ අනුශාසක වශයෙන් සහභාගි වූ අවස්ථාවේ දී ය.

    සංගමයේ  සභාපති අකුරැස්ස සමථ මූල මණ්ඩලයේ ගරු සභාපති සී.කෝරළගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවත්විණි.
    තවදුරටත් අදහස් දැක් වූ රංජනී මහත්මිය සඳහන් කළේ අධිකරණයෙන්, පොලිසියෙන්, බැංකු හා මූල්‍ය ආයතන වලින් සහ ආරවුල් කරුවන්ගෙන් 10,000 ට අධික ආරවුල් හා වැරදි ප්‍රමාණයක් වාර්ෂිකව මාතර දිස්ත්‍රික්කයේ සමථ මූල මණ්ඩල වෙත යොමු වන බවත් ස්වේච්ඡාවෙන් සිදු කරන සමාජ මෙහෙවරක් වශයෙන් සමථකරණ ශිල්පක්‍රම හා මූලධර්ම අනුගමනය කරමින් සමථ මූල මණ්ඩල සාමාජිකයින් විසින් එයින් 50% ත් 60% ත් අතර ප්‍රමාණයක් නිරවුල් කර ඇති බවත් ය.

    කඹුරුපිටිය සමථ මූල මණ්ඩලයේ  සභාපති ඩයස් සියාසිංහ මහතාගේ නිවසේ මෙවර රැස්වීම පැවති අතර සංගමයේ ලේකම් මුලටියන සමථ මූල මණ්ඩලයේ
    සභාපති ජේ.ඒ.දීපා රංජනී මහත්මිය, සංගමයේ ගරු භාණ්ඩාගාරික කිරින්ද - පුහුල්වැල්ල සමථ මූල මණ්ඩලයේ ගරු සභාපති ඩබ්.එම්.ටී.ඉන්දික මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ සමථ මූල මණ්ඩල සභාපතිවරු හා උපසභාපතිවරු පිරිසක් මේ සඳහා සහභාගි වී සිටියහ.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya