අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ තැපැල් ඡන්ද ප්‍රතිඵලය හෙට රාත්‍රී 11ට - ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී

    නොවැම්බර් 15, 2019

    ගම්පහ දිස්ත්‍රික්කයෙහි තැපැල් ඡන්ද ප්‍රතිඵලය හෙට රාත්‍රී 11.00 පමණ වන විටත් දිස්ත්‍රික්කයේ ආසන මට්ටමින් මුල්ම ප්‍රතිඵලය පසුදින අලුයම 2.00ට පමණත් ප්‍රකාශ කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බව හෙට (16) දිනයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් තේරීම්භාර නිලධාරී සුනිල් ජයලත් මහතා ප්‍රකාශ කළේය.

    ජනාධිපතිවරණය සඳහා දිවයිනෙහි වැඩිම ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සියල්ල සූදානම් කොට අවසන් බව පැවසූ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සුනිල් ජයලත් ,මෙම මැතිවරණයේදී 2018 ඡන්ද හිමි නාමලේඛනයට අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙහි මැතිවරණ කොට්ඨාස 13හි ඡන්ද ප්‍රකාශ කිරීමට 17,51,892 ක් සුදුසුකම් ලබා ඇති බවත් මින් තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම 48,641 දෙනෙකු විසින් සිදු කොට ඇති බවත් කීය.


    ගම්පහ දිස්ත්‍රික්කයෙහි මධ්‍යස්ථාන 1184කදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරෙන අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු වේයන්ගොඩ, පත්තලගෙදර සියනෑ අධ්‍යාපන විද්‍ය පීඨයේ සහ විද්‍යාලෝක විද්‍යාලයේදීත් , නයිවල උසස් තාක්ෂණික ආයතනයේදීත් සිදු කෙරෙනු ඇත. මෙම පරිශ්‍ර 03හි ශාලා 123කදී සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමත් ශාලා 25කදී තැපැල් ජන්ද ගණන් කිරීමත් සිදු කෙරෙන බව ද සුනිල් ජයලත් මහතා සඳහන් කළේය.


    මැතිවරණ කටයුතු සදහා නිලධාරීන් 28,477 දෙනෙකු යොදවන අතර මින් 6000 ක පිරිසක් ඡන්ද ගණන් කිරීමේ කටයුතු සදහා යෙදවීමට සැලසුම් කොට ඇති බවද තේරීම් භාර නිලධාරී සුනිල් ජයලත් මහතා සදහන් කළ අතර මැතිවරණයේ ආරක්ෂක කටයුතු සදහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යෙදවීමටත් මාර්ග ආරක්ෂාව ඇතුළු විශේෂ ආරක්ෂාව සදහා ත්‍රිවිධ හමුදාව යෙදවීමටත් පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් කීය.


    දිස්‍ත්‍රික් මාධ්‍ය ඒකකය - ගම්පහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya