අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජරට මාධ්‍ය පාසලේ හතරවන අදියර ඇරඹේ

    ඔක්තෝබර් 29, 2019

    ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව මෙහෙයවන ‘රජරට මාධ්‍ය පාසල‘ පාඨමාලාවෙහි හතරවැනි කණ්ඩායම බඳවා ගැනීම සඳහා මේ දිනවල අයදුම්පත් කැදවීම සිදුවේ.

    වයස අවු. 18 ට වැඩි අපොස සා/පෙළ සමතුන්ට මෙම පාඨමාලාවට අයදුම් කළ හැකිය.


    ආධුනික අයදුම්කරුවන්ට සන්නිවේදනය පිළිබද මූලික දැනීමක් ලබාදීම මෙමගින් අපේක්ෂිතය. කටහඬ හුරුව, ආකර්ශනීය හඬ පාලනය, ගුවන් විදුලි සන්නිවේදනය, ප්‍රවෘත්ති, නිවේදන ප්‍රායෝගික පුහුණුව, ප්‍රසංග වේදිකාව, රසවින්දනය යනාදී විෂය කරුණු මෙහි අන්තර්ගතයි.


    පාඨමාලා ගාස්තුව රුපියල් 10000කි. සති හයක සති අන්ත පාඨමාලාවක් වන මෙය සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම උදෑසන 8.30 සිට 4.30 දක්වා පැවැත්වේ.
    මෙම පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පුහුණු පාසල මගින් ලබාදෙන සහතික පත්‍රය හිමිවන අතර මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමේ මහඟු අවස්ථාව ද හිමිවන බව රජරට සේවයේ සහකාර අධ්‍යක්ෂ සුනිල් බණ්ඩාරනායක මහතා පවසයි.

    DMU/Anuradhapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya