මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් මිලියන 500 ක් වැය කරමින් අංග සම්පූර්ණ තරුණ මධ්‍යස්ථානයක්

    අගෝස්තු 11, 2019

    මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දෙහිගස්ප ප්‍රදේශයේ රුපියල් මිලියන 500 ක් වැය කරමින් අංග සම්පූර්ණ තරුණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට නියමිත බව ජාතික තරුණ සේවා සභාවේ මාතර පුහුණු මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ටී.එල්.එල්.ඒ.ජයසේකර මහතා පවසයි.

    ඒ මහතා මේ තොරතුරු අනාවරණය කළේ ජාතික තරුණ සේවා සභාවේ මාතර පුහුණු මධ්‍යස්ථානය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මාධ්‍ය සාකච්ඡාව හා එක්වෙමිනි.

    මෙය තරුණ තරුණියන් 500 ට ආසන්න ප්‍රමාණයකට පුහුණුව ලබාදිය හැකි අංග සම්පූර්ණ තරුණ මධ්‍යස්ථානයකි. පිහිනුම් තටාකයක් හා 800 දෙනෙකුට අසුන්ගත හැකි දේශන ශාලාවක් ද සහිතව නවීන තාක්ෂණික උපාංගයන්ගෙන් යුක්තව මෙම පුහුණු මධයස්ථානය ඉදි කෙරේ. මේ වසරේ ඒ සඳහා මුල්ගල් තැබේ.

    මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මගපෙන්වීම මත වරාය හා නාවික කටයුතු සහදක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ සහ ජාතික තරුණසේවා සභාවේ ප්‍රතිපාදන මේ සඳහා වෙන් කෙරේ.

    තරුණ සංවර්ධන ඉලක්ක කරා ගමන් කිරීමට ශ්‍රී ලාංකේය තාරුණ්‍යය පෙළගැස්වීම සඳහා ජාතික තරුණ සේවා සභාවේ 2019 වර්ෂයේ සංවර්ධන ඉලක්ක අනුව වාර්ෂිකව ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් පිළිබඳව ද මෙහි දී දැනුවත් කරන ලදි.

    මේ අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ මාතර හා අකුරැස්ස පුහුණු මධ්‍යස්ථානවල ස්ථානභාර නිලධාරීන්, තරුණ සේවා නිලධාරීන් හා මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya