අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 255ක්

    අගෝස්තු 06, 2019

    ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා 2019 වසරට රුපියල් මිලියන 255ක මුදලක් වෙන් කර ඇති බව දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලය පෙන්වා දෙයි.

    ග්‍රාමීය විදුලිය, ක්‍රිඩා හා යටිතල පහසුකම්, කෘෂීකර්ම ප්‍රවර්ධනය, ප්‍රජා සංවර්ධන උපාය මාර්ග , මාර්ග සංවර්ධන, පානිය ජලය යන ව්‍යාපෘති රැසක් මේ යටතේ සංවර්ධනය කෙරේ.

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය වෙතින් මේ සඳහා මුදල් සපයන අතර පවුල් 15574ක් සඳහා ඉන්පසු ප්‍රතිලාභ ලබන බවද දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලය පෙන්වා දෙයි.

    මින් වැඩිම ව්‍යාපෘති සංඛ්‍යාවක් ග්‍රාමීය මාර්ග පාලම් මුලික කරගෙන ක්‍රියාත්මක අතර එවැනි ව්‍යාපෘති 245ක් යෙදවීමට අපේක්ෂිතය.මුළු ව්‍යාපෘති සංඛ්‍යාව 295ක් වන අතර මෙම වසර අවසන් වීමට පෙර සියලු ව්‍යාපෘති අවසන් කිරිමට යෝජිතය.

    වැඩි ව්‍යාපෘති සංඛ්‍යාවක් බලපිටිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මකය. නාගොඩ බල ප්‍රදේශයෙන් ව්‍යාපෘති 24ක් , හික්කඩුව බල ප්‍රදේශයෙන් ව්‍යාපෘති 16ක් නියාගම බල ප්‍රදේශයෙන් ව්‍යාපෘති 21ක් යනාදි වශයෙන් ව්‍යපෘති 295ක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකය.ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ අධීක්ෂණය යටතේ ව්‍යාපාති ක්‍රියාත්මකය.

    DMU/galle

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya