අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ ක්‍රියාත්මක වූ "රට වෙනුවෙන් එකට සිටිමු" වැඩසටහන සාර්ථකයි 

    අගෝස්තු 05, 2019

    ගම්පහ දිස්ත්‍රික්කයෙහි ක්‍රියාත්මක "රට වෙනුවෙන් එකට සිටිමු" ජාතික වැඩසටහන් මාලාව යටතේ   ව්‍යාපෘති  3541ක් ඉටු කරමින් අපේක්ෂිත ඉලක්කය සාර්ථකව සපුරා ගත හැකි වූ බවත්  මෙම වැඩසටහන් යටතේ ප්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව 1,96,905 බවත්  ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

    මෙම වැඩසටසටහනෙහි ප්‍රගතිය මාධ්‍යට පැහැදිලි කිරීම පිණිස දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති  විශේෂ මාධ්‍ය හමුවකදී දිසාපතිවරයා මේ බව ප්‍රකාශ  කළේය.

    ඉකුත් 29 දින අරඹන ලද මෙම වැඩසටහන් මාලාව අද (5) දින අවසන් කෙරෙන අතර මේ යටතේ  ග්‍රාම ශක්ති, වකුගඩු රෝග නිවාරණ වැඩසටහන්, ගම රැකුම, දරුවන් සුරකිමු, ස්මාට් ශ්‍රී ලංකා , පරිසර සංරක්ෂණ, ආහාර නිෂ්පාදන, ආබාධ සහිත පුද්ගලයින් දිරිගැන්වීම, මත්ද්‍රව්‍ය නිවාරණය, ඵලදායිතා ප්‍රවර්ධනය වැනි ව්‍යාපෘති රැසක් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 තුළ ක්‍රියාවට නැංවූ බව දිසාපතිවරයා කීය.

    දිස්ත්‍රික්කය තුළ දින 8ක් පුරා පැවති මෙම වැඩසටහන යටතේ විශ්‍රාම වැටුප් විෂමතා සංශෝධනය කිරීම යටතේ 37000ක පිරිසකට අගෝස්තු මස විශ්‍රාම වැටුපට ලබා ගත හැකි වන සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 මගින් සංශෝධන සිදු කළ බව ගම්පහ දිස්ත්‍රික් ගණකාධිකාරී වී.ඩී.එස්. රොඩ්‍රිගු මහතා පැවසීය.

    මෙම වැඩසටහන යටතේ පැවති වැඩසටහන් අතුරින් වැඩිම ව්‍යාපෘති සංඛ්‍යාවක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ සිදු කළ බවත් බස්නාහිර පළාත් සභාව යටතේ ද ව්‍යාපෘති රැසක් ඉටු කළ බවත් වැඩසටසටහනෙහි ප්‍රගතිය පිළිබඳ පැහැදිලි කරමින් දිසාපතිවරයා පැවසූ අතර "රට වෙනුවෙන් එකට සිටිමු" මෙම ජාතික වැඩසටහන යටතේ රාජ්‍ය නිලධාරීන් විසින් සෑම අංශයකම වෘත්තීය වටිනාකම ලබා දීමක් සිදු කළ බව සතුටින් ප්‍රකාශ කළ හැකි බව ද කීය.

    මෙම වැඩසටහන  ජනාධිපති ලේකම් කාර්යාලයීය මෙහයවීම යටතේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙහි අධීක්ෂණය මත සියලුම අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනයන්හි සම්බන්ධීකරණය යටතේ පැවති බවත් මෙහි ප්‍රගති සමාලෝචනය සහ සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය පොදු ක්‍රීඩාංගණයේදී අද (05) පෙරවරු 10.00ට පැවැත්වෙන බවත් මීට සමගාමීව විද්‍යා තාක්ෂණ, ග්‍රාම ශක්ති, ස්මාට් ශ්‍රී ලංකා, ජාතික ශිල්ප සභාව ඇතුළු ආයතන කිහිපයක් මගින් ප්‍රදර්ශන කුටි පැවැත්වීමට සැලසුම් කොට ඇති බවත් දිසාපති සුනිල් ජයලත් මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙම මාධ්‍ය හමුවට අතිරේක දිසාපති රෝහණ අලවත්ත, සහකාර දිසාපති ප්‍රසාද් ඉන්දික, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ අයේෂ් පෙරේරා සහ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හර්ෂ අබේකෝන් යන මහත්වරුන් ද එක්ව සිටියහ.

    DMU-Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya