අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත්‍රික්කයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන (ළමා නිවාස) පාලන අධිකාරිය හා කාර්යමණ්ඩලය දැනුවත් කෙරේ

    ජූලි 25, 2019

    ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන මාතර දිස්ත්‍රික්කයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන (ළමා නිවාස) පාලන අධිකාරිය හා කාර්ය මණ්ඩලය සඳහා මනෝ සමාජීය ක්‍රියාකාරකම් සහිත දැනුවත් කිරීමේ වැඩසටහනක් මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ.වැල්ලහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.


    ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසිකව සිටින ළමුන්ට වඩාත් සුරක්ෂිත ආයතන පරිසරයක් ඇති කරලීම උදෙසා ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි පාලන අධිකාරිය හා කාර්ය මණ්ඩලයේ දැනුම, ආකල්ප හා කුසළතා සංවර්ධනය කිරීමේ අරමුණින් එම නිලධාරීන්හට මනෝ සමාජීය ක්‍රියාකාරකම් ඇතුළත් දැනුවත් කිරීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් දීප ව්‍යාප්තව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිදු කරනු ලබන අතර මෙදින පවත්වන ලද්දේ එහි මාතර දිස්ත්‍රික් වැඩසටහනයි.
    මෙහි දී ප්‍රාදේශිය ළමා ආරක්ෂක නිලධාරී යූ.ජී. කුසුම්ලතා මහත්මිය ඇතුළු ළමා ආරක්ෂක නිලධාරීන් දැනුවත් කිරීම් සිදු කරන ලදි.
    මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ළමා සංවර්ධන මධ්‍යස්ථාන නියෝජිතයින් පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

    DMU/matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya