අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවය ගමට ජංගම සේවා වැඩ සටහන සදහා රාජ්‍ය නොවන අංශයේ දායකත්වය

    ජූලි 02, 2019

    අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ස්වදේශ කටයුතු අභ්‍යන්තර කටයුතු පළාත් සභා සහ පළාත් පලන අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කරන රාජ්‍ය සේවය ගමට විශේෂ ජංගම සේවා වැඩසටහනේ 08 වන වැඩසටහන ජුනි මස 30 දා අඹන්ගඟ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය මුල් කර ගෙන පැවැත්විණ.

    ග්‍රාමීය ජනතාවගේ විවිධ අවශ්‍යතා සහ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීම පිණිස මැටිහක්ක මහින්ද විද්‍යාල පරිශ්‍රයේදී පැවැති මෙම ජංගම සේවා වැඩ සටහන සඳහා 4000 ක් පමණ ජනතාව තම අවශ්‍යතා ඉටු කර ගැනීම පිනිස පැමිණ සිටියහ.

    උප්පැන්න, විවාහ සහ මරණ සහතික රියදුරු බලපත්‍ර, ජාතික හැදුනුම්පත් සහ වැඩිහිටි හැදුනුම්පත්, ඉඩම්බලපත්‍ර, සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප්, ගොවි විශ්‍රාම වැටුප්, ගාස්තු අයකිරීමකින් තොරව ලබාදුන් අතර වැඩිහිටි දීමනා, ඇස් කණ්නාඩි සහ කාච , එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ණය පහසුකම්, වෘත්තීය මාර්ගෝපදේශ, අපනයන භෝග වගාව සහ කෘෂි කාර්මික වගාවන් සදහා අධාර උපදේශන සේවාවන් සහ පැල, කෘෂි උපකරණ
    සහ වෘත්තීය උපකරණ සැපයීම, පෙර පාසල් සදහා උපකරණ කට්ටල පිරිනැමීම, කලාකරු ආධාර පිරිනැමීම, පැල සහ රෝපණ ද්‍රව්‍ය බෙදා දීම ඇතුලු විවිධ කෙෂ්ත්‍රවලට අදාල පහසුකම් සැපයීම මෙහිදි සිදුවිය.

    ස්වදේශ කටයුතු අමාත්‍යංශය රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන 75 ක් පමණ මෙම ජංගම සේවා වැඩසටහනට සේවා සැපයීම වෙනුවෙන් සහභාගී වූහ.

    රාජ්‍ය සේවය ගමට ගෙන යන මෙම වැඩ සටහන සදහා සහභාගී වන රාජ්‍ය ආයතන වලට අමතර මෙවර රාජ්‍ය නොව සංවිධාන සහ පෞද්ගලික ආයතන සිය දායකත්වය ලබා දීම විශේෂත්වයක් විය. විහේෂයෙන් කොට්ඨාසයේ අබාධ සහිත වූවන් සදහා නවීන තාක්ෂණයෙන් යුතු රෝද පුටු ලබා දීම පිණිස බ්රින්බැක් පදනම ඉදිරිපත් සිටියහ.

    එම ආයතනය මගින් රැපියල් 40.000 ක් පමණ මිල වන රෝද පුටු මොවුන් සදහා මෙහිදී ප්‍රදානය කෙරුණි.මීට අමතරව පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් රුපියල් 10.000 බැගින් වූ ස්වයං රැකියා අධාර ලබාදුන් අතර නිවාස අහිමි ආබාධිතයින් සදහා සිය නිවාස ඉදි කර ගැනීම පිණිස රුපියල් ලක්ෂ දෙක බැගින් නිවාස අධාර ලබාදීම ද මෙහිදී සිදුවිය.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න ,මාතලේ දිස්ත්‍රික් ලේකම් කරුණාසිරි පෙරේරා.ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජේ්‍යෂ්ට සහකාර ලේකම් නිශාන්ත කරුණාතිලක, අඹන්ගග ප්‍රදේශිය ලේකම් බී. බී. සේනාධීර,අඹන්ගග කෝරලේ ප්‍රාදේශිය සභාවේ සභාපති ඇතුඵ මන්ත්‍රී මණ්ඩලය පැමිණ සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya