මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    , සියලු රටවැසියනට සෙත් පතා රුවන්වැලි මා සෑය අභියස දී විශේෂ ආශිර්වාද පූජාවක්....

    ජූනි 16, 2019

     

    අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
    මහතාටත් , රජයේ සියළු මැති ඇමතිවරුන්ටත් , රටවැසි සියළු ජනතාවටත් සෙත්
    පතා විශේෂ ආශිර්වාද පූජාවක් ඊයේ (15) සවස රුවන්වැලි සෑ පුදබිමේ දී පැවැත්විණි.
    සම්බුද්ධ ශාසනයේ හා රට ජාතියේ ආරක්ෂාව පතා මෙන්ම පසුගිය අප්‍රේල් 21
    වනදා සිදූ වූ ප්‍රහාරය වැනි ප්‍රහාරයන් නැවත ඇතිනොවීමට ප්‍රාර්ථනා කිරීම ද මෙම
    ආශීර්වාද පූජාවේ විශේෂ බලාපොරොත්තුවක් විය.
    රුවන්වැලි සෑ පුදබිමේ , දුටු ගැමුණු පිළිරුව අසල සිට මහා සංඝරත්නය විසින්
    තුන් සූත්‍රය දේශනා කරන ලදහ. සක් දෙවිඳු ඇතුළු සියළු දෙවි දේවතාවුන්
    වහන්සේලාට පිං දී , තුණුරුවන්ගේ ආශිර්වාදයත් , දෙවියන්ගේ පිහිටත් ප්‍රාර්ථනා
    කළේ ය. මෙම අවස්ථාවට අති විශාල ජන පිරිසක් සහභාගී විමද විශේෂත්වයකි.
    ස්වදේශ කටයුතු හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය වජිර අබේවර්ධන
    මැතිතුමාගේ උපදෙස් මත , කෘෂිකර්ම අමාත්‍ය , අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු
    මන්ත්‍රී පී. හැරිසන් මැතිතුමාගේ සම්බන්ධීකරණයෙන් මෙම ආශිර්වාද පූජාව
    සංවිධානය කළේ, අනුරාධපුර දිස්ත්‍රික් මහ දිසාපති නීතීඥ ආර්.එම්. වන්නිනායක
    මහතා ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල කාර්යමණ්ඩලයත් , පළාත් වාරිමාර්ග
    අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා මහතා ඇතුළු එම කාර්යාලයේ කාර්ය මණ්ඩලයත්
    ඒකාබද්ධවයි. මෙම ආශිර්වාද පූජාව උදෙසා අනුග්‍රහය ලබා දුන්නේ පළාත් වාරිමාර්ග
    අධ්‍යක්ෂ කාර්යාලය මගිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya