අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජංගම සේවයේදී මංගල සීනු...!

    ජූනි 11, 2019

    අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය එක් ව සංවිධානය කරන රාජ්‍ය සේවය ගමට විශේෂ ජංගම සේවා වැඩසටහන් මාලාව මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලදී.

    එහිදී මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවති ජංගම සේවාවේදී උකුවෙල පදිංචි ධම්මික කරුණාරත්න සචිනි සත්සරණී තරුණ යුවලගේ විවාහය ලියාපදිංචි කිරීම සිදු විය. ජංගම සේවා වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූ අභ්‍යන්තර සහ ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජේ.සී අලවතුවල සහ සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ යන අමාත්‍යවරු මොහුන්ගේ විවාහය වෙනුවෙන් අත්සන් තැබීම විශේෂත්වයකි. ජංගම සේවා වැඩසටහනේදී විවාහය ලියපදිංචි කිරීම නිසා ඔවුන්ගේ විවාහ නොමිලේ සිදු කර ගැනීමටද හැකියාව ලැබුනි.


    ග්‍රාමීය ජනතාවගේ ගැටළු වලට විසදුම් ලබාදීමේ අරමුණින් ඉකුත් ජූනි 01 දින අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ ජංගම සේවා වැඩසටහන ආරම්භ කළ අතර, සෑම සති අන්තයකම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේන්ද්‍ර කොට ගනිමින් මෙය ක්‍රියාත්මකය. මේ වන විට මාතලේ, රත්තොට, යටවත්ත, සහ උකුවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජංගම සේවා වැඩසටහන පවත්වා අවසන්ව ඇති අතර, ඉදිරි සති අන්ත දිනවලදී අනිකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    DMU/Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya