අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාපවල ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන ඇරඹේ

    ජූනි 02, 2019

    ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආපදාවට ලක්වූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ අධි අවදානම් කලාපවල ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) පෙරවරුවේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී ආරම්භ කෙරිණි.

    බදුල්ල දිස්ත්‍රික්කයේ පසුගිය වර්ෂවල වර්ෂා කාලවලදී තම නිවාස නායයෑමට ලක්වීමෙන් ආපදාවට පත් පවුල් සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් නිර්දේශ කර ඇති දැඩි අවදානම් කලාපවල ජීවත්වන පවුල් 3233 ක් මේ යටතේ නැවත පදිංචි කිරීමට නියමිතය.

    මේ සදහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මඟින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1500 කි.මෙහිදී සංකේතාත්මකව හපුතලේ, වැලිමඩ, ඌව පරණගම හා බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රතිලාභීන් 20 දෙනෙකුට නිවාස ඉදිකර ගැනීම සදහා අවශ්‍ය මුදල් චෙක්පත් ලබාදීම සිදුවිය.

    මෙහිදී අදහස් දැක්වූ ගරු රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා,

    අපේ රටට විශාල ලෙස ආපදා ඇතිවුනේ මේ යුගයේ. ආපදා නිසා විශාල ප්‍රමාණයකට උන්හිටිතැන් නැතිවෙනවා ජීවන තත්වය නැතිවෙනවා. ජීවිත නැතිවෙනවා. මෙම ආපදා වැස්සෙන් සිදුවෙන ආපදා, නියඟයෙන් සිදුවන ආපදා සහ ජනතාව විසින් සිදු කරන ආපදා ලෙස සිදුවෙනවා. මෑතකාලයේ ගංවතුර ආපදා නායයෑම් ආපදා සහ බෝම්බ පිපිරීම් ආපදා සිදු වුනා. නමුත් අපි රජයක් විදියට මොන ආර්ථීක අමාරුකම් තිබුණත් අපි ඒවාට නිසි උත්තර ලබා දෙනවා.
    අපි මේ වන විට මේ වසරේ නාය යන නිවාස සදහා රුපියල් ලක්ෂ විසිදහකට වැඩි මුදලක් වෙන් කර තිඛෙනවා. ඒ වගේම ස්වාභාවික ආපදා නිසා හානියට පත්වන අය සංරක්ෂණය කර තිඛෙනවා. නිවාස වෙළද ව්‍යාපාර අපි ඒකට විතරක් ගෙවනවා ලක්ෂ පහළොස් දහසක් රක්ෂණ වාරිකය. මේ ආණ්ඩුව එනවිට එහෙම කාර්යයක් තිබුනේ නෑ. 2016 වර්ෂයේ ගෙවන ලද්දේ මිලියන තුන්සියයක් පමණයි. නමුත් අපි මේ වර්ෂයේ මිලියන එක්දහස් පන්සියයක් ගෙවනවා. යැයි පැවසීය.

    මෙම අවස්ථාවට කම්කරු හා වෘත්තීය සමිති සබදතා පිලීබද අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ්, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධික‍ාරිය බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය, ඌව පළාත් ප්‍රධන ලේකම් පී.බී.විජේරත්න මහතා, බදුල්ල දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් සහ ප්‍රතිලාභීන් රැසක්ද සහභාගී වූහ.

    බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මියගේ උපදෙස් පරිදි බදුල්ල දිස්ත්‍රික් ආපදා සහන මධ්‍යස්ථානය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර බණඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මෙම උත්සවය සංවිධානය කොට තිබිණි.

    DMU/Badulla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya