අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දඹුල්ලට එළවලු හා පළතුරු මෙ.ටො 5000ක් ගබඩා කළ හැකි නව ශීතාගාරයක්

    අප්‍රේල් 12, 2019

    ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානිය අවම කිරිමේ අරමුණින් එළවලු හා පළතුරු මෙ.ටො 5000ක් ගබඩා කළ හැකි ශිතාගාරයක් ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම පසුගිය  දින ආර්ථික ප්‍රතිසංස්කරණ සහා පොදු පහසුකම් සැපැයීමේ අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ දී සිදුවිය.

    මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 500ක් වැය කිරිමට අපේක්ෂා කෙරේ. ඉන්දියානු රජයේ ආධාර යටතේ රු. මිලියන 300ක් ද ඉතිරිය රජය මගින් වැය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම ඉන්දීය රජයේ නියෝජතයින් හා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් විසින් පසුගිය වසරේ සැප් 17 දින අත්සන් තබනු ලැබීය.

    උෂ්ණත්ව තෙතමන පාලිත නව ශිතාගාර සංකීර්ණය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබද පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 07ක ඉඩමක ඉදි කෙරේ.

    මාස හයක් ඇතුළත ශිතාගාරයේ ඉදිකිරිම් කටයුතු අවසන් කිරීමට නියමිතය. නව ශීතාගාරය නවීන තාක්ෂණයෙන් සමන්විත වන අතර ඕනෑම ගොවි මහතෙකුට තම අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන විත් ඉතිරි වන තොග මෙහි තැන්පත් කිරීමේ පහසුකම් සපයා තිබේ.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya