මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''මතින් නිදහස් රටක්'' වෙනුවෙන් බක්මහ දිවුරුමට මහනුවර එක්වෙයි

    අප්‍රේල් 04, 2019

    මත් ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන වෙනුවෙන් සිදු කෙරෙන බක්මහ දිව්රුම වැඩසටහනේ මහනුවර දිස්ත්‍රික් උත්සවය ඊයේ (03) පෙ.ව. 8.00 ට මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පවත්වන ලදී.

    එහිදී සියළු නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය පිටු දැකීම සම්බන්ධ බක්මහ ප්‍රතිඥාව ලබාදීම සිදු වූ අතර කෙටි උත්සව සභාවක්ද පැවැත්විය.

    මහනුවර දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සදහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ගගවට කෝරලේ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය යන කාර්යාලවල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
    මත් ද්‍රව්‍ය භාවිතය සහ ලාංකීය ජනතාව මුහුණ දෙන අභියෝග යන මාතෘකාව යටතේ මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා විසින් මෙහිදී විශේෂ දේශනයක්ද පවත්වන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya