අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මර්දනයට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි - මාතලේ දිස්ත්‍රික් ලේකම්

    පෙබරවාරි 16, 2019

    දඹුල්ල නගරය ලංකාවටම ආහාර ද්‍රව්‍ය බෙදන මධ්‍යස්ථානය වුවද එහි පිරිසිදු බවක් නොමැති බවත් විශේෂයෙන් එළවළු වැනි ආහර ද්‍රව්‍ය වැසිකිලි අසළ දමා තිබෙන අවස්ථා ද තම කළ නිරික්ෂණයේදී අනාවරණ වු බව මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.කේ.ජී පෙරේරා මහතා පැවැසීය.

    මිනිස්සු දැනුවත් කිරීමෙන් පමණක් ඩෙංගු මර්දනය කළ නොහැකි බවත් ඩෙංගු ව්‍යාප්ත කිරීමට කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද දිසාපතිවරයා පැවැසීය. මධ්‍යම පරිසර අධිකාරිය හා පළාත් පාලන ආයතන එක්ව කසල කළමනකරණයට විධිමත් වැඩපිලිවෙළක් සකස් කළ යුතු බවත් කසළ කළමනාකරණය නිවස තුළින්ම පටන් ගත යුතු බවත් දිසාපතිවරයා සදහන් කළේය.

     

    ප්ලාස්ටික්, වීදුරු ඇතුළු විවිධ අපද්‍රව්‍ය එකතු කරන ව්‍යපාරිකයින් දිරිමත් කොට එම කටයුතු අධික්ෂණය කළ යුතුව ඇතැයිද  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටුවේදී දිසාපතිවරයා සදහන් කළේය. මාතලේ ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා ඩෙංගු රෝගියෙකු වාර්තා වු වහාම රෝගියා පදිංචි ප්‍රදේශය පැය 24ක් ඇතුළත පුර්ණ පරික්ෂාවකට ලක්කිරීමට කටයුතු කරන බව වසංගත රෝග වේදඥ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවැසීය. මීට අමතරව ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා දැනුවත් කිරීම් පරික්ෂා කිරීම් නිරන්තරයෙන් සිදුකරන බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් 2018 වර්ෂයේ 2017වර්ෂයට සාපේක්ෂව රෝගි වාර්තා වීම අඩු වු බවත් වෛද්‍යවරයා පැවැසීය.

     

    මාතලේ දිස්ත්‍රික්කයේ 2017 වර්ෂයේ ඩෙංගු යැයි ස්ථිරවම හදුනාගත් රෝගීන් සංඛ්‍යාව 2272ක් වු නමුත් 2018 වර්ෂයේදී එම සංඛ්‍යාව 577ක් බවත් මේ වර්ෂයේ මේ වන විට රෝගින් 55ක් වාර්තා වී ඇති බවත් සදහන් කළේය. ඩෙංගු මර්දනය සදහාම නිලධාරින් 20 දෙනෙකුගේ සේවය මාතලේ දිස්ත්‍රික්කයට ලැබෙන බවත් මේවන විට දඹුල්ල නගර සභා බල ප්‍රදේශය , ගලේවෙල හා මාතලේ නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවධානමක් ඇති බවත් වසන්ත බණ්ඩාර පැවසීය.

     

    ප්‍රජා සෞඛ්‍ය නිලධාරිනි වෛද්‍ය නයොමි සේනානායක මහත්මියද, ප්‍රාදේශීය මැලේරියා මර්දන නිලධාරි එච්.ජී.එස්. නවරත්න යන මහතාද ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් අදහස් දැක්වීය. මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂිකා සජීවා විතානගේ මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya