අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික් ග්‍රාම ශක්ති සංවර්ධන වැඩසටහන් අඛණ්ඩව

    ජනවාරි 18, 2019

    ග්‍රාම ශක්ති ජාතික වැඩසටහනේ සංවර්ධන වැඩසටහන් ගාල්ල දිස්ත්‍රික්ක වැඩසටහන් අඛණඩව ක්‍රියාත්මක බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය කියයි.

    ග්‍රාම ශක්ති ජාතික වැඩසටහනේ මුලික අදියරේ සංවර්ධන වැඩසටහන් පසුගිය දෙසැමබර් 20 වැනි දින දිවයින ප්‍රරා ක්‍රියාත්මක විය.මෙයට සමගාමිව ගාල්ල දිස්ත්‍රික්ක වැඩසටහන් 57ක්ද එදිනම ආරම්භ විය.

    ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩසටහන් 57 සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ ආවරණය වන පරිදි පැවැත්විම සිදුවිය. මෙම සියළු ව්‍යාපෘති ආරම්භයේ ස්ථාපිත කරන ලද ග්‍රාම ශක්ති ජනතා සමිති විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුනු ව්‍යාපෘති වශයෙන් හදුනා ගත හැක.අක්මිමණ ක්‍රියාත්මක වූ රුපියල් ලක්ෂ 3.5 කට වැඩි වටිනාකමින් යුත් කණු පද්ධති සකස් කිරිම, බ්ම්මල් පුහුණු වැඩසටහන, රුපියල් ලක්ෂ 5.2ක මුදලින් ක්‍රියාත්මක වූ සින්නච්චලයිවත්ත ග්‍රාමිය මාර්ග සංවර්ධනය කැපි පෙනේ. අම්බලන්ගොඩ බල ප්‍රදේශයේ රඅපියල් ලක්ෂ 4.2ක මුදලින් ක්‍රියාත්මක වූ, ඊරියගහ දොල යාය කන්ද මාර්ග ව්‍යාපෘතිය, තනිපොල්ගහලග පානිය ජල ව්‍යාපෘතිය, සහ කොණ්ඩලග්‍රාම ශක්ති ජනතා සමිතිය විසින් ක්‍රියාත්මක කල පානිය ජල ව්‍යාපෘතිය වැඩ අවසන් අදියරේ පවතින බව දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාලය පෙන්වා දෙයි.


    රුපියල් ලක්ෂ 6කට ආසන්න මුල්‍ය ප්‍රතිපාදන යටතේ බද්දේගම ගොනපුර වේල්ල මාර්ගය,හොරගම්පිට මධ්‍යම ප්‍රජා ශාලා මාර්ගය, සහ වරකපිටි කන්ද නිලසෙවන කාර්යාල මාර්ග පද්ධතිය ද ග්‍රාම ශක්ති ජනතා සමිති විසින් ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුල රැපියල් ලක්ෂ 6ක වියදමින් ක්‍රියාත්මක මාර්ග ව්‍යාපෘති ත්‍රිත්වය සහ, රුපියල් ලක්ෂ 07කට ආසන්න මුල්‍ය වටිනාකමින් යුක්තව ක්‍රියාත්මක වූ මාර්ග සහ ප්‍රජා ශාලා සංවර්ධන වැඩසටහන්ද කඩවත් සතර බල ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ ප්‍රදානත්වයෙන් එදිනම ආරම්භ විය.

    රුපියල් ලක්ෂ 6.8 ක මුල්‍ය පිරිවැය දරමින් ගොනුපිනුවල බල ප්‍රදේශයේ ක්‍රියාත්මක ආරච්චි කන්ද මානම්පිට මාර්ගය, තිලකගම මාර්ගය,දගරගහඋඩමුල්ල ග්‍රාමිය මාර්ග සංවර්ධනය සහ හික්කඩුව බල ප්‍රදේශය තුල ක්‍රියාත්මක රුපියල් ලක්ෂ 5.9 ක මුල්‍ය පිරිවැයකින් යුත් , මාර්ග සංවර්ධ ව්‍යාපෘතින් ද අවසන් අදියරේ පවතින බවට දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යාල පෙන්වා දෙයි. එවැනිම මාර්ග සංවර්ධන ව්‍යාපෘති, ප්‍රජා ශාලා සංවර්ධන වැඩසටහන්, උපදේශන සේවවාන් රැසක් ඇතුළුව සංවර්ධ ව්‍යාපෘතින් රැසක් ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මකය. දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ අධික්ෂණය යටතේ වැඩසටහන් සියල්ල ගාල්ල දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ලේකම් කාර්යලයේ මෙහෙය විමෙන් ක්‍රියාත්මක කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya