අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සුරක්ෂිතතා දිනය සැමරීමේ හම්බන්තොට දිස්ත්‍රික් උත්සවය

    දෙසැම්බර් 26, 2018

    ජාතික සුරක්ෂිතතා දිනය සැමරීමේ හම්බන්තොට දිස්ත්‍රික් උත්සවය හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ.බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට නගර මධ්‍යයයේදී සිදුවිය.අද (26) දින උදේ 8.45ට පමණ සර්ව ආගමික වතාවත් වලින් ආරම්භ වී 2004 සුනාමි විපතින් මියගිය අයට පැන්වඩා පිං අනුමෝදන් කිරීමක් සිදු කෙරිණි.

    අනතුරුව පෙ.ව. 9.25ට සියලු දෙනාම විනඩි දෙකක නිහඩවී මිය ගිය සියලු දෙනා සිහිපත් කෙරිණි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩාවැල්ල සිට තිස්ස-කිරින්ද දක්වාවූ මුහුදු තීරය විනාශයට ලක්වූ අතර දිස්ත්‍රික්කයේ ජනතාව දෙදහස් පන්සීයක් පමණ මියගියහ.

    මෙම වැඩසටහන සදහා හම්බන්තොට මහනගර සභාවේ උප නගරාධිපති ගමිණී ශ්‍රී ආනන්ද, විපක්ෂ නායක ඩී.ඒ.ගාමිණී ,හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් ඊ.කේ.ඒ.සුනීතා,ආපදා කළමනාකරණ ඒකයේ සහකාර අධ්‍යක්ෂ බලඝන නායක නලින් බෙන්තර ආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

    DMU/Hambantota

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya