මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගමින් ගමට ජාතික සංහිදියා වැඩසටහන

    දෙසැම්බර් 25, 2018

    මහනුවර දිස්ත්‍රික්කයේ ජාතීන් අතර සමගිය සහ සංහිදියාව ගොඩ නැගීමේ අරමුණින් දියත් කළ විශේෂ වැඩසටහනක් ඉකුත්දා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී.

    මහනුවර දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම නියෝජනය වන පරිදි සියළු ජනවර්ග නියෝජනය වන කලාකරුවන්,  සංස්කෘතික බල මණ්ඩලයවල නියෝජිතයන් සහ සහජීවන කණ්ඩායම්වල නායකයන් ඇතුළු පිරිසක් ඉලක්ක කර ගෙන මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

    අදියර තුනක් යටතේ පැවති මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ සාමය සහ සහජීවනය පිළිබදවත් එහි ඇති වැදගත්කම පිළිබදවත් සංස්කෘතික දෙපාරතමේන්තුවේ විශේෂඥ උපදේශක මනෝවිද්‍යාඥ සුනිල් රණසිංහ මහතා විසින් විශේෂ දේශනයක් පවත්වන ලදී.

    දේශනයෙන් අනතුරුව වැඩසටහනේ දෙවැනි අදියරේදී ඒ ඒ සංස්කෘතීන් තුළ උපතේ සිට මරණය දක්වා කාලය තුළ දක්නට ලැබෙන විවිධ සංස්කෘතිකාංග පිළිබද දැනුම සහ අවබෝධය හුවමාරු කරගත් අතර, අනතුරුව තුන්වැනි අදියර යටතේ ජාතික සමගිය සහ සංහිදියාව තේමා කර ගනිමින් විශේෂ කවි මඩුවක්ද පවත්වන ලදී. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත දියත් කළ මෙම වැඩසටහන සම්බන්ධිකරණය කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයි. මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ජේ.සී. රණේපුර මහතා විසින් පොල්තෙල් පහන්සිළු දල්වා උත්සවය ආරම්භ කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya