අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලට “ගමට කෝටියක් යුත් විත් ටැලන්ට්“ ව්‍යාපෘති 57ක්

    දෙසැම්බර් 05, 2018

    ජාතික තරුණ සේවා සභාව මෙහෙයවිමෙන් ග්‍රාමිය මට්ටමින් ක්‍රියාත්මක “ගමට කෝටියක් යුත් විත් ටැලන්ට්“ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ මේ වන විට ව්‍යාපෘති 57ක් ක්‍රියාත්මකය.

    මෙම වැඩසටහනේ ව්‍යාපෘති 06ක් නිරික්ෂණය කිරිම සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධීක්ෂණ නිලධාරීයා වශයෙන් සහභාගි විය.

    මෙම වැඩසටහනෙ යටතේ මුලික අදියර වශයෙන් ලක්ෂ 03ක මුදලක් අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යෞවන සමාජය වෙත ප්‍රදනය කරනු ලබයි. මෙහිදි අවම වශයෙන් ලක්ෂ 06ක වටිනාකමකින් යුත් ප්‍රජා ව්‍යාපෘතියක් නිම කිරිම සිදුවිය යුතු අතර එහිදි ප්‍රජා දායකත්වය ප්‍රජාවගේ අනුගහය ලබා ගත යුතුය.

    හික්කඩුව, නියාගම, ඇල්පිටිය, කරන්දෙණිය, බෙන්තර සහ යක්කලමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයන්හි ප්‍රජා ව්‍යාපෘති මෙසේ දිසාපතිවරයාගේ අධික්ෂණයට ලක්වූ අතර, පානිය ජල ව්‍යාපෘති, ග්‍රාමිය මාර්ග, ළමා උද්‍යාන යනාදිය විශේෂ අවධානයකට ලක්විය. ප්‍රදේශයේ තරුණ තරුනියන් විසින් පිහිටුවාගත් යෞවන සමාජ වෙතින් ප්‍රාජාවගේ මුලිකම අවශ්‍යතා අධ්‍යනය කිරිමෙන් අනතුරුව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. මෙහි වඩාත් වැදගත්ම ක්‍රියාවලිය වන්නේ ග්‍රාමිය ප්‍රජාවගේ ඝෘජු දායකත්වයයි. මෙම ව්‍යාපෘති අතුරින් සාර්තක ව්‍යාපෘතිය ජාතික මට්ටමේ තරඟාවලිය සඳහා යොමුවන අතර හොඳම ව්‍යාපෘතිය සදහා මුල්‍ය ඇගයිම සිදුකරයි.

    මාධ්‍ය ඒකකය -ගාල්ල

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya