අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන වගා සර්ථක නම් වනසතුන්ගෙන් සිදු වන කෘෂි වගා හානිය අඩු වෙනවා

    දෙසැම්බර් 04, 2018

    ගෙවී ගිය කාලය තුළ සිදු කරන ලද වනවගා හා පළතුරු වගා ව්‍යාපෘති සාර්ථක වූයේ නම් අද වනවිට රටපුරා විශාල වන ගහනයක් පවතින බවත් එසේ වූයේ නම් වන සතුන්ගෙන් වගාවන්ට සිදු වන හානිය අඩුවිය හැකිව තිබු බවත් බස්නාහිර පළාත භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඒ.ඩී.යු.ඉන්ද්‍රජිත් මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගම්පහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ අදහස් දක්වමිනි.

    වන සතුන් වැඩිවීම සහ වන ගහනය අඩුවීම නිසා වනසතුන් මිනිස් වාසස්ථාන සහිත ප්‍රදේශයන් ආක්‍රමණය කරන තත්ත්වයකට පත්ව ඇති බැවින් කෘෂි භෝග, ආර්ථික භෝග හානියට පත්වීම වැඩි වීමට හේතු වී තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයෙහි වන සතුන්ගෙන් වගාවන්ට වන හානිය දිනෙන් දින වැඩිවීමක් සිදුවන බැවින් මීට ගතහැකි විසදුම් කවරේද යන්න සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රශ්නය පිළිබද අදහස් දක්වමින් ඉන්ද්‍රජිත් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    ගම්පහ දිස්ත්‍රික්කයෙහි වඳුරා, රිලවා සහ දඬුලේනා යන සතුන්ගෙන් වගාවන්ට දැඩි ලෙසින් හානිවන බැවින් විසඳුමක් අවශ්‍ය බව ගොවි සංවිධාන සහ වතු හිමියන් විසින් පෙන්වාදී තිබිණි.

    මෙහිදී සහකාර අධ්‍යක්ෂවරයා තවදුරටත් ප්‍රකාශකොට සිටියේ වනජීවී දෙපාර්තමේන්තුව මගින් මෙලෙස හානි පමුණුවන සතුන් අල්ලා වෙනත් ප්‍රදේශයන්ට රැගෙන ගොස් දැමීම සිදුකළ හැකි නමුත් මින් සිදුවන්නේ ප්‍රශ්නය වෙනත් ප්‍රදේශයකට යොමු කිරීමක් පමණක් වන බවය. දිස්ත්‍රික්කයෙහි පිහිටි විශාල ඉඩම් කට්ටි කිරීම සීමා කිරීම සේම වන වගාව වැඩිකිරීම මීට විසඳුමක් විය හැකි බව සදහන් කළ ඒ මහතා වනජීවී දෙපාර්තමේන්තුව තම සීමාව තුළ හැකි උපරිම අයුරින් කටයුතු කරන බවද පැවසීය.


    DMU/Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya