අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අගමැති සුරතින් ජනතා අයිතියට

    ඔක්තෝබර් 20, 2018

    ගාල්ල දිස්ත්‍රක්කයේ නියාගම ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේ ලක්ෂ 428 ක වියදමින් ඉදිකෙරුණු තෙමහල් ගොඩනැගිල්ල ඔක්තෝම්බර් 27 වැනි දින අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරිමට නියමිතය.

    එමෙන්ම නියාගම පුණ්‍යාරාම විහාරස්ථානයේ ඉදි කෙරුණු ලැබු ලක්ෂ 60ක වියදමින් ඉදි කල සුරක්ෂා මධ්‍යස්ථානය ද එදිනම අග්‍රමාත්‍යවරයාගේ විවෘත කිරිමට නියමිතය. එමෙන්ම 26 වැන දින පස්වරුවේ ගාල්ල කඩවත් සතර ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයේ සුරක්ෂා මධ්‍යස්ථාන 02ක් ද ජනගත කෙරේ.

    වැලිවත්ත විජයානන්ද පිරිවෙණේ රුපියල් ලක්ෂ 98ක වියදමින් ඉදි කල සුරක්ෂා මධ්‍යස්ථානය සහ ගාල්ල කටුගොඩ ජුම්මා පල්ලිය ආශ්‍රිතව රුපියල් ලක්ෂ 130ක වියදමින් ඉදි කල සුරක්ෂා මධ්‍යස්ථාන විවෘත කිරිම සිදුවේ. ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය අනුග්‍රහය මත ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකය.

    ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ දිස්ත්‍රික්කයේ දේශපාලන නියෝජිතයින් රැසක්, රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථා සඳහා සහභාගි විමට නියමිතය. පසුගිය වසරේ ගංවතුර සමගින් සුරක්ෂා මධ්‍යස්ථානයන්හි අවශ්‍ය තාවය ඉස්මතු වූ අතර, එවැනි මධ්‍යස්ථාන රැසක් මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාපිතත කර ඇත.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya