Print this page

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ශ්‍රමදානයක්

ජූනි 05, 2018

රාජ්‍ය නිලධාරීන් 300 ට අධික පිරිසක් සේවය කරන මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන එම ස්ථාන පිරිසිදු කිරීම සඳහා වූ ශ්‍රමදානයක් ඊයේ (04) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෑත යුගයේ සෑම වසරකම ජුනි මාසයේ මැද භාගය වන විට ඩෙංගු අවදානම වැඩිවන අතර එම අවදානමට සූදානම් වීම සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.


දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ කුණු රොඩු එක්රැස්වන ස්ථාන, වැහි පීලි, දියබස්නා කාණු පද්ධතිය ඇතුළු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීම මෙහි දී සිදු  විය.

මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් එස්.කේ. වැල්ලහේවා මහතා, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) පතිරණ මහතා, මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මෙනෙවිය ඇතුළු කාර්ය මණ්ඩලය මෙම ශ්‍රමදානය සඳහා එක් වී සිටියහ.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිසර අංශයේ මූලිකත්වයෙන් මෙම ශ්‍රමදානය සංවිධානය කර තිබිණි.

මාතර දිස්ත්‍රික් මාධ්‍ය  ඒකකය