Print this page

සමෘද්ධි නිවාස ලොතරැයියෙන් කුරුණෑගල දිස්ත්‍රික් ජයග්‍රාහකයින් 28 කට රුපියල් ලක්ෂ 56 ක්

මාර්තු 15, 2018

සමෘද්ධි නිවාස ලොතරැයි වැඩසටහනින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2017 නොවැමිබර් මස දිනුම් ඇදීමට අදාල ජයග්‍රාහකයින් 28 කුට රුපියල් ලක්ෂ 02 බැගින් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැත්විණ.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සමෘද්ධි ආධාරලාභී පවුල් 145000 සිටින බවත්, දිස්ත්‍රික්කයේ සමෘද්ධි ආධාරලාභී පවුල්වල ජීවන තත්වය උසස් කරලීම සඳහා වසරකට රජය මිලියන 4500/=ක් වැය කරන බවත්, සමෘද්ධි දිස්ත්‍රික් අධ්‍යක්ෂ එම්.එස්.එම්. සෆ්රාස් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ලොතරැයි දිනුම් ඇදිම නිවාස අවශ්‍යතාවය ඉටුකිරිම සඳහා අතදිමක් වශයෙන් සමෘද්ධි ආධාරලාභීන් අතර සිදුකරන ලදි. දැනට පවතින නිවස අලුත් වැඩියා කිරිම හෝ නව නිවසක් ඉදිරිකිරිම සඳහා මෙම මුදල් ප්‍රදානය කරන ලදි.

ජයග්‍රාහකයින්ගේ නිවාස අවශ්‍යතාව සම්ර්‍පූර්ණ වී තිබේ නම් ප්‍රාදේශීය ලේකම්ගේ අධීක්ෂණය යටතේ ඵලදායි ආදායම් උත්පාදන ව්‍යාපාර කටයුත්තකට මෙම මුදල යෙදවිය හැකිය.

පුද්ගල ජීවන තත්ත්වය උසස් කරලිම තුළින් රටේ සංවර්ධනයට දායකත්වයක් සැපයිය හැකි, ජනතාවක් බිහිකිරිමේ අරමුණින් මෙම ලොතරැයි මුදල ලබා දීම වත්මන් රජයේ අපේක්ෂාව බව, දිස්ත්‍රික් අධ්‍යක්ෂ එම්.එස්.එම්. සෆ්රාස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.