මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ දී 70 වන නිදහස් උළෙල සැමරේ

    පෙබරවාරි 05, 2018

    70 වන නිදහස් සැමරුම් උළෙලක් යාපනය දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිද හමුදා පොලිසිය සහභගිත්වයෙන් ඊයේ (04) පැවැත්විණ.

    ප්‍රදේශයේ පාසල්වල දරු දැරියන්ගේ සංස්කෘතික අංගයන්ගෙන් වර්ණවත් වූ 70 වෙනි නිදහස් දින උළෙල උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

    නිදහස වෙනුවෙන් දිවිපිදු විරයින් ගෞරවයෙන් සිහිපත් කරමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ ඔවුන්ට දැක්විය හැකි ඉහළම ගෞරවය වන්නේ නැවත වතාවක් මේ රට විදේශීය ආක්‍රමනයකට හෝ රට බෙදා වෙන් කිරීමට හෝ තිබෙන ඉඩකඩ සම්පුර්ණයෙන්ම අවහිර කර දමා එක්සත් ලංකාවක් ගොඩ නැගීම බවයි.

    ජාති කුල මල බේදවලින් තොර එක මවකගේ දරු පිරිසක් ලෙස සියලු දෙනාම ඒකරාශී ව සිටීම තමයි ඔවුන්ගේ ජිවිත පරිත්‍යාගවලට කළ හැකි ඉහළම කෘතවේදිත්වය හා ගෞරවය ලෙස තමා සලකන බව ද ඒ මහතා සඳහන් කළේය.

    මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් ලේකම් N.වේදනායගම් මහතා, ආණ්ඩුකාර ලේකම්   L.ඉලංගෝවන් මහතා ඇතුළු රජයේ නිලධාරීන් ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීන් හා යාපනය ප්‍රදේශයේ ජනතාව ද සහභාගිව වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya