අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දක්ෂිණ කලාපීය සංවර්ධන වැඩසටහන යටතේ මාලිම්බඩට රු. මි. 15 ක්

    ජනවාරි 19, 2018

    දක්ෂිණ කලාපීය සංවර්ධන වැඩසටහන යටතේ මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සංවර්ධන කටයුතු සඳහා ව්‍යාපෘති 40 ක් වෙනුවෙන් රුපියල් මිලියන 15 ක (15,250,000.00) මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ.

    අදාළ ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් 14,573,481.25 කි.

    ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම, පාලම් සහ බෝක්කු ප්‍රතිසංස්කරණය කිරීම, විහාරස්ථානවල දහම් පාසල් හා පිරිවෙන් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය හා අවශ්‍ය උපකරණ ලබාදීම, ජීවනෝපාය මාර්ග සංවර්ධන කටයුතු (කාන්තාවන් සහ අඩු ආදායම්ලාභීන් සඳහා), යනාදිය මේ යටතේ සිදු කෙරේ.

     

    එසේම සෞඛ්‍ය මධ්‍යස්ථාන හා ප්‍රජාශාලා සංවර්ධනය කිරීම, සනීපාරක්ෂක කටයුතු, වාරි මාර්ග සංවර්ධන යෝජනා, කෘෂිකාර්මික සහය සේවා, පාසල් සංවර්ධන කටයුතු, අනාරක්ෂිත ළිං ආරක්ෂිත ළිං ලෙස සංවර්ධනය කිරීම, ක්‍රිඩා පිට්ටනි සංවර්ධනය කිරීම, ප්‍රජා පානීය ජල යෝජනා ක්‍රම සංවර්ධනය කිරීම, කසළ කළමණාකරන ව්‍යාපෘති, උපකරණ ලබා දීම, සේවා පියස/ප්‍රජා ශාලා සංවර්ධනය කිරීම සහ විදුලිය ව්‍යාපෘති යනාදිය සඳහා මෙම මුදල් ප්‍රතිපාදන වැයකර ඇති බව මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් දීපිකා කේ. ගුණරත්න මහත්මිය පැවසුවා ය.

     

    නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya