Print this page

මුලටියන සංවර්ධනයට රුපියල් මිලියන 81 ක්

ජනවාරි 09, 2018
මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  සංවර්ධන වැඩසටහන් සඳහා 2017 වර්ෂයේ රුපියල් මිලියන 81 (80,919,697.00) ආසන්න මූල්‍ය ප්‍රතිපාදන වෙන් වූ බව මුලටියන ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක මහතා පැවසීය.
 
ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 70 ක් සඳහා රුපියල්  මිලියන 23.69 ක් ද, විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ ව්‍යාපෘති 78 ක් සඳහා රුපියල් මිලියන 5.99 ක් ද, යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන යටතේ ව්‍යාපෘති 06 ක් සඳහා රුපියල් මිලියන 6.74 ක් ද, දක්ෂිණ කලාපීය සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 9.99 ක් ද, ගංවතුරෙන් හානි වූ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 34.49 ක් ද වශයෙන් මෙම මූල්‍ය ප්‍රත්පාදන වෙන් වී තිබේ. 
 
අදාළ සංවර්ධන වැඩසටහන්වලින් ව්‍යාපෘති 07 ක් අවිච්ඡේද වශයෙන් පවතින අතර ඉතිරි සියල්ල ම මේ වන විට අවසන් කර ඇති බවත් ප්‍රදේශයේ ජනතාවගේ ජනජීවිතය වඩාත් යහපත් හා සුඛිත මුදිත වන අයුරින් 2018 වර්ෂයේ ද සංවර්ධන කටයුතු වඩාත් කාර්යක්ෂමව හා විධිමත්ව ඉටුකිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.