අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිසංස්කරණවලදී අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව කටයුතු කරන්න - මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර

    නොවැම්බර් 24, 2017

    පවතින මාර්ග සංවර්ධන කටයුතු කිරීමේදී හෝ පවතින නිවාස අලුත්වැඩියා කිරීම් වලදී 1641/28 හා 2010.07.17 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව හන්තාන කළමනාකරණ කමිටුවේ නිර්දේශ ලබා ගැනීම අත්‍යවශ්‍ය නොවන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා පවසයි.

    එබැවින් ඉදිරියේදී එවැනි කරුණු පිළිබද ඉල්ලීම් හන්තාන කළමනාකරණ කමිටුවට යොමු නොකරන ලෙසද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩි දුරටත් දැනුම් දෙන ලදී. දිස්ත්‍රික් ලේකම්වරයා මෙම අදහස් පළ කළේ පසුගියදා මහනුවර දිස්ත්‍රික් ලේකම් ශ්‍රවනාගාරයේ පැවති හන්තාන ආරක්ෂණ කළමනාකරණ කමිටු රැස්වීමේදීය.

     

    හන්තාන ප්‍රදේශයේ සිදු කෙරෙන මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එම හන්තාන ආරක්ෂණ ගැසට් නිවේදනය උල්ලංගනය කරමින් පාරිසරික විනාශයක් සිදු වන බවට පසුගියදා ජනමාධ්‍ය මගින් කරුණු අනාවරණය කොට තිබුනි.

     

    නමුත් අදාළ ගැසට් නිවේදනයට අනුව මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු වලදී එවැනි අවසරයක් ලබා ගැනීම අනිවාර්ය නොවන අතර, නිවාස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වලටද මෙම අවසරය අවශ්‍ය නොවන බව කමිටුවේදී අනාවරණය විය. නමුත් නව ගොඩනැගිලි හෝ නව මාර්ග ඉදිවන්නේ නම් හන්තාන කළමනාකරණ කමිටුවේ නිර්දේශ අත්‍යවශ්‍ය බවද අනාවරණය විය.

     

    කමිටුවට ඉදිරිපත් වූ කරුණූ සැලකිල්ලට ගත් දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රතිසංස්කරණ කටයුතු වලදී අවශ්‍යතාවය අනුව පාරිසරික ඇගයීම් වාර්තා පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් බවත් ඊට හන්තාන කළමනාකරණ කමිටුවේ අවසරය අවශ්‍ය නොවන බවත් පෙන්වා දෙන ලදී.

     

    එමෙන්ම හන්තාන ප්‍රදේශයේ අඩි 2500 ට වඩා පහලින් සිදු වන ප්‍රතිසංස්කණවලදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළත් ඊට වඩා උස් ප්‍රදේශවල ඉදි කිරීම් කටයුතුවලදී ඉතා දැඩිව අදාල නීති ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බවද පෙන්වා දෙන ලදී.

     

    හන්තාන ප්‍රදේශයේ නිතර සිදුවන නාය යෑම් ඇතුළු පාරිසරික විපත් අවම කර ගැනීම වෙනුවෙන් 1641/28 හා 2010.07.17 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව හන්තාන ආරක්ෂන කළමනාකරණ කමිටුව පිහිටුවා ඇත. මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් පැවැත්වෙන මෙම හන්තාන කළමනාකරණ කමිටුවේ ප්‍රධාන අරමුණ වන්නේ පාරිසරික වශයෙන් ඉතා වැදගත් ප්‍රදේශයක් ලෙස පිළිගැනෙන හන්තාන ප්‍රදේශයේ පාරිසරික හානී අවම කරගනිමින් පවත්වාගෙන යෑමයි.

     

    හන්තාන කලමනාකරණ කමිටුවේ ලේකම් මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කේ.පී වැලිකන්නගේ මහතා සහ හන්තාන ප්‍රදේශයට අයත් ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු නිලධාරීන් රැසක් කමිටුව සඳහා සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya