අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුරෙන් වගා බිම් ආදර්ශයක්

    නොවැම්බර් 20, 2017

    ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමය මේ වන විට රට පුරා ක්‍රියාත්මක කර තිබෙන අතර අනුරාධපුර මහදිසාපති ආර්.එම් .වන්නිනායක මහතා විශේෂ වැඩපිළිවෙළක් ඔස්සේ මෙම ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.


    සෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකම වගා  බිමක් පවත්වා ගැනීමට ඒ මහතා උපදෙස් ලබාදී තිබෙන අතර ඒ අනුව ප්‍රාදේශිය ලේකම් කර්යාල 22 ක තුළම මෙම වගා වැඩපිළීවෙළ ක්‍රියාත්මක වේ.

    විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන්  ආදර්ශය සාමාන්‍ය ජනතාව වෙත ලබාදීමේ ප්‍රධාන වගකීම රාජ්‍ය නිලධාරීන්ට පැවරී තිබේ.

    රටට අවශ්‍ය ආහාර ප්‍රමාණය රට තුළම උත්පාදනය කරගැනිමේ අරමුණ මෙම වැඩපිළීවෙළ තුළ පවතින අතර  එයට මහගු ආදර්ශයක් සපයමින් තමාගේ නිල නිවසට අයත් බිම් කඩෙහි වගා ව්‍යපෘතියක් ආරම්භ කිරීමට අනුරාධපුර මහ දිසාපතිවරයා පියවර ගෙන තිබේ.  


    උදෑසන තම රාජකාරියට යාමට පෙර ඒ මහතා සිය වගා බිමෙහි වැඩකටයුතුවල නිරත වෙමින් සිටිනු දක්නට ලැබේ.

    මහදිසාපතිවරයා පැවසුවේ, කාර්යාල රාජකාරී   සාර්ථකව ඉටුකරන අතරවාරයේ මෙබදු කාර්යයන් හි නිරත වීම සිතට අතිශය සහනයක් බවයි.  අප කුමන කාර්යයක නිරත වුව ද කෘෂි ක්ෂේත්‍රයේ කටයුතුවලට යොමු වීමේ දී දැඩි ප්‍රියජනක බවක් ඇතිවන බවද ඒ මහතා සදහන් කළේ ය.

    කෙසේ වෙතත් අනුරාධපුර මහ දිසාපති ආර්.එම් . වන්නිනායක මහතා සිය ප්‍රයත්නය හරහා රටට ලබා දී ඇත්තේ ඉතා වටිනා ආදර්ශයකි. දැනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වගා සංග්‍රාම වැඩපිළිවෙළ බොහෝ රාජ්‍ය ආයතන සක්‍රීය එකතුව සිටීම සතුටට කරුණක් බවද මහ දිසාපතිවරයා වැඩදුරටත් පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya