මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොහොර සහනාධාරය සඳහා මාතරට රුපියල් මිලියන 205ක්

    නොවැම්බර් 10, 2017
    රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ පොහොර වෙනුවට මුදල් ලබාදීමේ වැඩපිළිවෙළ අනුව මාතර දිස්ත්‍රික්කයේ වී වගා කරන ගොවීන් සඳහා 2017 / 2018 මහ කන්නයේ වගා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 205 ක මුදලක් ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ කීර්ති අබේසිංහ මහතා පවසයි.
     
    මාතර දිස්ත්‍රික්කයේ ගොවි ජනසේවා බලප්‍රදේශ 22 හි කුඹුරු හෙක්ටයාර 16400 ක් හෙවත් අක්කර 41000 ක් වගා කිරීම සඳහා ගොවීන් 30,000 ට මෙම පොහොර සහනාධාර මුදල් ලබාදීමට නියමිතය. 
     
    මෙවර අදියර තුනක් යටතේ සහනාධාර මුදල් ලබාදෙන අතර පළමු අදියර යටතේ මේ වන විට හෙක්ටයාර 264 ක් හෙවත් අක්කර 660 ක් වගා කිරීම සඳහා ගොවීන් 678 දෙනෙකුගේ ගිණුම්වලට රුපියල් 3568750 ක මුදලක් තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ. අදියර දෙක සහ තුන දෙසැම්බර් 22 දින වන විට ක්‍රියාත්මක කර පෙහොර සහනාධාර මුදල් ගෙවා අවසන් කෙරේ.
     
    කුඹුරු අක්කරයක් සඳහා රුපියල් 5000 කි. හෙක්ටයාර 02 ක (අක්කර 05) උපරිමයකට යටත්ව එක් වී වගා කන්නයකට රුපියල් 25000 බැගින් ලබා දේ. ඒ අනුව වී වගා කන්න දෙක සඳහා රුපියල් 50000 ක මුදලක් හිමි වේ.
     
    මෙතෙක් පොහොර සහනාධාර ඉල්ලුම්පත් භාර දී නැති ගොවීන් හැකි ඉක්මනින් ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර මහතා හෝ මහත්මිය හමු වී අදාළ ඉල්ලුම්පත් භාර දී ප්‍රමාදයකින් තොරව සහනාධාර මුදල් ලබා ගන්නා ලෙස සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya