මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පීඩාවට පත් ගාලු දිස්ත්‍රික් ජනතාවට මුළුතැන් ගෙයි උපකරණ

    ඔක්තෝබර් 26, 2017
    පසුගිය ගං වතුරෙන් ආපදාවට හා පීඩාවට පත් ගාලු දිස්ත්‍රික්කයේ ජනතාවට මුළුතැන්ගෙයි භාණ්ඩ බෙදා දීම ඊයේ (25) ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිවිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් සහ යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්  ආරම්භ විය.
     
    මේ සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සහනාධාරයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් ලක්ෂ 1790ක් මුදලක් ගාල්ල දිස්ත්‍රික්කයට ලබා දී තිබු අතර ඒ යටතේ එක් නිවෙසකට රුපියල් දස දහසක් වටිනා මුළු තැන්ගෙයි උපකරණ කට්ටල බෙදා දීම සිදු කෙරිණි. 
     
    මේ යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ තෝරා ගත් පවුල් දස දහසක් සඳහා මෙම භාණ්ඩ සහනාධාරය ලබා දෙන බවත් ඉදිරි දින කිහිපය ඇතුලත ගාල්ල දිස්ත්‍රික්කයේ ගං වතුරින් පීඩාවට පත් සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම භාණ්ඩ බෙදා දෙන බවට අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
     
    මෙම අවස්ථාවන්ට ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය සහ දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතා එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya