අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුරෙන් හානි වු කුඩා තේ වතු සඳහා ආධාර

    ඔක්තෝබර් 25, 2017
     
    රත්නපුර දිස්ත්‍රික්කයට පසුගිය කාලයේ ඇති වූ ගංවතුර හා නාය යැම්වලින් සම්පූර්ණයෙන් ම  හා අර්ධ වශයෙන් විනාශ වූ තේ වගාවන් සඳහා ආධාර ලබා දීම ලබන 11දා රත්නපුරයේ දී සිදු කිරීමට කටයුතු කරන බව රත්නපුර කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
     
    මේ බව අනාවරණය වූයේ පසුගිය දා  රත්නපුර අතිරේක  දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් කෘෂිකාර්මික කමිටු රැස්වීමේදීය.
     
    ඒ අනුව ගංවතුරින් හා නායෑම්වලින් විනාශ වූ කුඩා තේවතු පිළිබඳ ව ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය මත අදාල ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය මත  ඊට අදාල චෙක් පත් ලබා දීමට කටයුතු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya